Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඩයලොග් 'බී' පිල දුම්කොළ සමාගම පරාජය කරයි

ඩයලොග් 'බී' පිල දුම්කොළ සමාගම පරාජය කරයි

ශනුක අරවින්ද - 2018 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඊ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකා දුම්කොළ සමාගම් කණ්ඩායමට එරෙහිව ලකුණු 68-44 ක ජයක් වාර්තා කිරීමට ඩයලොග් ආසියාටා 'බී' කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 38-28 ක් ලෙස පෙරමුණගත් ඩයලොග් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 30 ක් එක්කරගත්හ. දුම්කොළ සමාගම් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.

කොළඹ ශාන්ත ජෝෂප් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 17 ක් රැස්කළ ඩයලොග් ආසියාටා 'බී' කණ්ඩායමේ හිරාන් පෙරේරා සම්මාන දිනාගත්තේය.

 


අදහස් (0)

ඩයලොග් 'බී' පිල දුම්කොළ සමාගම පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.