Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඩී.එෆ්.සී.සී. ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

ඩී.එෆ්.සී.සී. ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ඩයලොග් ආසියාටා කණ්ඩායමට එරෙහිව ලකුණු 74-46 ක ජයක් වාර්තා කිරීමට ඩී.එෆ්.සි.සී කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණ 28-28 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවූ අතර දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩී.එෆ්.සී.සී. ක්‍රීඩකයෝ සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 46 ක් එක්කර ගත්හ. ඩයලොග් ආසියාටා ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි.

තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 14 ක් රැස්කළ ඩී.එෆ්.සි.සී කණ්ඩායමේ ප්‍රගීත් පුෂ්පකුමාර සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 40 වැනි දිනයේදී පැවැති තවත් ‘ඒ’ කාණ්ඩායේ තරගයකදී ලකුණු 70-55 ක් ලෙස ෆෙයාර් ෆස්ට් කණ්ඩායම පරාජය කිරීමට කොමාර්ෂල් ක්‍රෙඩිඞ් කණ්ඩායම සමත් විය. කොමාර්ෂල් ක්‍රෙඩිඞ් කණ්ඩායමේ ක්ලින්ටන් තේවකුමාර් ලකුණු 28 ක් රැස්කරමින් එම තරගයේ වීරයා බවට පත්විය.


‘ඒ’ කාණ්ඩය
■    ඩී.එෆ්.සී.සී. කණ්ඩායම විසින් ලකුණු 74-46 ක් ලෙස ඩයලොග් ආසියාටා කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ප්‍රගීත් පුෂ්පකුමාර (ඩී.එෆ්.සී.සී. කණ්ඩායම) - ලකුණු 14  

■    කොමාර්ෂල් ක්‍රෙඩිඞ් කණ්ඩායම විසින් ලකුණු 70-55 ක් ලෙස ෆෙයාර් ෆස්ට් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ක්ලින්ටන් තේවකුමාර් (කොමාර්ෂල් ක්‍රෙඩිඞ් කණ්ඩායම) - ලකුණු 28

 


අදහස් (0)

ඩී.එෆ්.සී.සී. ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.