Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේ කත්මන්ඩු නුවර දස්රත් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති යොනෙක්ස් සන්රයිසස් ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්න සමත් වූහ.
අවසන් මහ තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීම නිසා තිළිණිට සහ කාවින්දිට රිදී පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවූ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීමට නේපාල ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මේ වසරේ (2018) ජාතික බැඞ්මින්ටන් ශූරය බවට පත්වූ තිළිණි සහ අනු ශූරිය බවට පත්වූ කාවින්දි, ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මෙන්ම ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදීද ශ්‍රී ලංකාව නියෝජනය කළහ.
මෙම තරගාවලියෙන් අනතරුව මීලඟ ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීම සඳහා තිළිණි සහ කාවින්දි බංග්ලාදේශය බලා පිටයත්ව යෑමට නියමිතය.
නේපාල තරගාවලියේදී පිරිමි කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ජාතික බැඞ්මින්ටන් ශූර දිනූක කරුණාරත්නද එහිදී තිළිණි සහ කාවින්දි සමග බංග්ලාදේශ තරගාවලියට සහභාගි වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.