Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිසුරි මොල්ලිගොඩ සහ නෙත්මි වඩුගේ අද (21 වැනිදා) සමත් වූහ.
විවෘත කාන්තා කේවල ඉසව්වේ අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉකුත් වසරේ ජාතික කනිෂ්ට ශූරිය බවට පත්වූ මේදිරා සමරසිංහ හමුවේ තරග වට 2-0 ක් ලෙස පහසු ජයක් වාර්තා කරමින් තිසුරි මොල්ලිගොඩ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. එම තරගයේ ලකුණු තත්ත්වය 6/2 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය.
තියුණු තරගයකින් අනතුරුව දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස අම්රිතා මුත්තයියා පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි වඩුගේ සමත් වූ අතර 7/5 ක් සහ 7/5 ක් ලෙස එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය.
කෙසේ වුවත් 2009 වසරේ සිට ඉකුත් වසර (2014) දක්වා නොකඩවා 6 වරක් ජාතික ශූරිය බවට පත්ව සිටි අම්රිතා මුත්තයියා මෙවර තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවීම කැපී පෙනෙන සිදුවීමක් විය. අම්රිතා ජාතික ටෙනිස් ශේ‍්‍රණිගත කිරීම්හි කාන්තා අංශයේ පෙරමුණේ පසුවන්නීය.
මේ වසරේ පැවැති ජාතික කනිෂ්ට ටෙනිස් ශූරතාවලියේ බාලිකා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේද තිසුරි සහ නෙත්මි වන බැවින් එම කී‍්‍රඩිකාවන් දෙදෙනාම ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයටද සුදුසුකම් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් ලෙස හැදින්විය හැකිය.
කනිෂ්ට ටෙනිස් ශූරතාවලියේ බාලිකා කේවල අවසන් මහ තරගයේදී තිසුරි මොල්ලිගොඩ හමුවේ තරග වට 2-0 ක ජයක් වාර්තා කිරීමට නෙත්මි වඩුගේ සමත් වූවාය. නෙත්මි කනිෂ්ට ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අතර තිසුරි එහි තෙවැනි ස්ථානයේ පසුවන්නීය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරයි.
විවෘත කාන්තා අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.