Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරගාවලියට සහභාගි නොවීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක දිනේෂ්කාන්තන් තංගරාජා තීරණය කර ඇති බව වාර්තාවේ.
ඬේවිස් කුසලාන තරගාවලිය යනු ශ්‍රී ලංකාව සහභාගි වන වැදගත්ම ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය වන අතර එවන් තරගාවලියකට සහභාගි නොවී සිටීමට තරම් සාධාරණ හේතුවක් ඔහු ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට ඉදිරිපත් කර නැති බවද දැනගන්නට තිබේ.
මේ වසරේ ශ්‍රී ලංකාව සහභාගි වූ ඬේවිස් කුසලාන තරගාවලියේ පළමු අදිරයේදී තායිලන්තය හමුවේ 3--2 ලෙස පරාජයට පත් වීම නිසා ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි අදියර තීරණාත්මක තරග වටයක් බවට පත්ව තිබේ.
මෙම තරග වටයේදී පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ඬේවිස් කුසලාන තරගාවලියේ III කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවන අතර එය නැවත II කාණ්ඩයට පැමිණීමට නම් ශ්‍රී ලංකාවට ලබන වසරේ පැවැත්වෙන ඬේවිස් කුසලාන තරගාවලියේදී III කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්‍රීඩකයන් නොමැති රටකට එය කිසිසේත් පහසු කටයුත්තක් නොවන බවද අමුතුවෙන් කිවයුතු නැත.
2011 වසරේදී II කාණ්ඩයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව, මේ දක්වා වසර 5 ක් II කාණ්ඩයේ තම ස්ථානය රැකගැනීමට සමත් වූ අතර යම් හෙයකින් මේ වසරේදී නැවත III කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවුවහොත් එය වසර 5 කට පසු ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ සිදුවන විශාල පසුබැසීමක් ලෙස හැදින්විය හැකිය.
මෙවන් තත්ත්වයක් තිබියදී ක්‍රීඩකයකු තම උපරිමය රට වෙනුවෙන් නොදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව මඟහැරීම යනු ජාතික වගකීමක් පැහැර හැරීමක් බවද ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රවීණයෝ කියති.
ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා දිනේෂ්කාන්තන් තංගරාජා වෙනුවට නැගී එන ක්‍රීඩකයකු වන නිෂාංගන් නඩරාජා අදේශ කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමට පියවර ගෙන තිබෙන අතර හර්ෂණ ගොඩමාන්න සහ යසිත ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩකයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.