Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ති‍්‍රත්ව, බම්බලපිටිය ශාන්ත පීතර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන තුන්කොන් සත් සාමාජික හොකී තරගාවලියක් ලබන සෙනසුරාදා (12 වැනිදා) ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් හොකී කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය වයස් කාණ්ඩ 4 කින් පැවැත්වෙන අතර එහිදී අවුරුදු 19 න් පහළ, අවුරුදු 20 - 30 ත් අතර, අවුරුදු 30 - 40 අතර සහ අවුරුදු 40 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.
මෙහි ප‍්‍රධානම වයස් කාණ්ඩය වන අවුරුදු 19 න් පහළ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වල නායකයන් ලෙස කේ. අයි. ජයසිංහ (ති‍්‍රත්ව විදුහල), ඇලන් පීටර්ස් (ශාන්ත පීතර විදුහල) සහ පී. ආර්. වනිගසූරිය (තෝමස් විදුහල් විදුහල) කටයුතු කරති.
මහනුවර ති‍්‍රත්ව, බම්බලපිටිය ශාන්ත පීතර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල්වල ආදි ශිෂ්‍ය සංගම් එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.
ති‍්‍රත්ව විදුහල් 19 න් පහළ කණ්ඩායම -
කේ. අයි. ජයසිංහ (නායක), ටී. ඒ. රත්නායක, කේ. ඊ. ජයසිංහ, යූ. තරන්තන්, කේ. සංගීත්, එස්. සචින්ත‍්‍ර, ඩබ්ලිව්. ශෝන්, එම්. ජයකාන්ත්, එම්. ඒ. ප‍්‍රනාන්දු, බී. එම්. එදිරිසිංහ, අමීර් ශොහේබ් සහ කේ. නිරෝෂන්
ශාන්ත පීතර විදුහල් 19 න් පහළ කණ්ඩායම -
ඇලන් පීටර්ස් (නායක), රෝචන දිසානායක, මියුරු විජේසේකර, කි‍්‍රෂාන් ද සිල්වා, එරංග කුෂාන්, දේෂාන් අකුරුගොඩ, ඉන්දික කෞෂාන්, සංදේෂ් දිසානායක, සංගීත් සඳරුවන්, ආකාෂ් දිසානායක, කෙනෙත් සෙබස්තියන් සහ සෙනුජ දෙව්මිත්
තෝමස් විදුහල් විදුහල් 19 න් පහළ කණ්ඩායම -
පී. ආර්. වනිගසූරිය (නායක), කේ. කුමාරතීසන්, එස්. ආර්. ද සිල්වා, ජී. එම්. ධර්මතිලක, එස්. ජී. ඉල්ලමනතන්, ටී. ආර්. ශ්‍රීධරන්, ඞී. පලපත්වල, කේ. ජී. පීරිස්, කේ. කරීෂ්, ඒ. ඇල්ලෙපොල, ටී. ඩෙලා සහ කේ. ඞී. මහවංශක්කාර
ති‍්‍රත්ව විදුහල නියෝජනය කරන තරගාවලි සංවිධාන කමිටුවේ සාමාජික සංජීවන් සුබ‍්‍රමනියම් මහතා විසින් සංවිධාන කමිටුවේ සභාපතිවරයා වන අමිත අබේනායක මහතාට අවුරුදු 30 - 40 අතර වයස් කාණ්ඩයේ ජයග‍්‍රාහිකයන්ට ලබාදෙන පළිහ පිරිනමන ලද අවස්ථාව...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.