Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා යුගළ ශූරතාව දිනාගැනීමට තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ සමත් වූහ.
කොළඹ ජාතික ටෙනිස් සංකීර්ණය්දී ඊයේ (23 වැනිදා) පැවති අවසන් මහ තරගයේදී හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරිය පරාජය කරමින් තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ එහි ශූරතාව දිනාගත්හ.
තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ දෙදෙනා, අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී ශලිනි ද සිල්වා සහ පසුගිය වසරේ විවෘත කාන්තා අංශයේ ශුරිය බවට පත්වූ අම්රිතා මුත්තයියා පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ කේමාලි හේරත් පරාජය කරමිනි.
විවෘත (කාන්තා) යුගල අවසන් මහ තරගයේ ප‍්‍රතිඵල
තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ විසින් තරග වට 2 - 0 ක් ලෙස හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරිය පරාජය කරන ලදහ. (6/2, 6/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.