Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෝදර ද ලාසාල් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමස්ත ලංකා වයස 19 න් පහළ පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත්හ. දීර්ඝ කාලයක සිට පැසිපන්දු කී‍්‍රඩාවේ නිරත වන නමුදු ද ලාසාල් විද්‍යාලය මෙම ශූරතාව දිනාගත් පළමු වැනි අවස්ථාව මෙයයි.
මෝදර ද ලාසාල් විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී පසුගියදා පැවැති අවසන් මහ තරගයේදී තියුණු සටනකික් පසුව කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් කණ්ඩායම පරදවා ලකුණු 66-58 ක විශිෂ්ට ජයක් ලබාගත් ද ලාසාල් කී‍්‍රඩකයෝ තරගාවලිය පුරාම තමන් රැකගත් අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගැනීමට සමත් වූහ.
තරගයේ පළමු අර්ධය නිමාවේදී ලකුණු 27-44 ක් ලෙසින් රෝයල් ඉන්ස්ටිටියුට් කණ්ඩායම ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී අභීත සටනක නිරත වූ ද ලාසාල් කී‍්‍රඩකයෝ ලකුණු 66 - 58 ක ජයක් ලබාගත්හ.
තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා වශයෙන් ද ලාසාල් නායක නිපුන් ලක්‍ෂිත සම්මාන දිනාගත් අතර දක්‍ෂතම ආරක්‍ෂක කී‍්‍රඩකයාට හිමි සම්මානය ද ලාසාල් විද්‍යාලයේම ශාලූක හෂාන්ට හිමිවිය. තරගාවලියේ දක්‍ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා වශයෙන් රෝයල් ඉන්ස්ටිටියුට් පිලේ ටෙරාන් බෙන්ජමින් සම්මාන දිනාගත්තේය.
අවසන් තරගයේදී මොහොමඞ් ෂඞීල් (13), සංජුල ෂෙහාන් (11) සහ අනුෂ්ක ඩිලාන් (12) වැඩි ලකුණු ලබාගනිමින් ද ලාසාල් ජයග‍්‍රහණයේ ප‍්‍රබල කොටස්කරුවෝ වූහ.
ද ලාසාල් විද්‍යාලයීය 19 න් පහළ පැසිපන්දු කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.