Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දිලංකගෙන් නව වාර්තා දෙකක්

දිලංකගෙන් නව වාර්තා දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී දැන් පැවැත්වෙන 43 වැනි ‘මයිලෝ’ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ දෙවැනි දිනය වු අද (24) කොළඹ නාලන්දා විදුහලේ දිලංක ශිහාන් නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට සමත්විය.

තරගාවලියේ දෙවැනි දිනය අවසානයේදී නව තරග වාර්තා 10 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වුහ. පළමු දිනයේ වාර්තා අටත් සමගින් තරගාවලියේ මෙතෙක් බිහිවී ඇති නව තරග වාර්තා ගණන 18 කි.

වයස 17 න් පහළ වයස් කාණ්ඩයේ (බාලක) තරග කරන දිලංක, මීටර 800 නිදහස් ආර ජේ්‍යෂ්ඨ ඉසව්වෙන් සහ මීටර 100 නිදහස් ආර ජේ්‍යෂ්ඨ ඉසව්වෙන් තරග වාර්තා දෙක පිහිටුවීය.

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විනෝලි කඵආරච්චි ද වාර්තා දෙකකට හිමිකම් කීමට ඊයේ සමත් වුවාය.  
තරගාවලියේ පළමු දිනයේ වයස 17 න් පහළ මීටර 200 පසුපස ආර ඉසව්වෙන් (බාලිකා) වාර්තාවක් පිහිටු වු විනෝලි ඊයේ එම වයස් කාණ්ඩයේ මීටර 100 පසුපස ආර බාලිකා ඉසව්වෙන්ද නව වාර්තාවක් පිහිටුවුවාය.

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය, නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් සංවිධානය කරන මෙම තරගාවලියේ බාලිකා කණ්ඩායම් අතරින් මහනුවර මහමායා විදුහල (245) ද, බාලක කණ්ඩායම් අතරින් මරදාන ශාන්ත ජෝශප් විදුහල (332.50) ද ඉදිරියෙන් සිටියේය.

තරගාවලිය ඉරිදා (26) අවසන් වේ.


දෙවැනි දිනයේ (24) තරග වාර්තා පිහිටු වු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ:

17 න් පහළ මීටර 800 නිදහස් ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලක)
බී.දිලංක ශිහාන් (කොළඹ නාලන්දා, වි.9.තත්.15.98)
පෙර වාර්තාව: සී. එම්. එන්. හුලංගමුව (වි.9.තත්.18.88, 2013 වසරේදී)

17 න් පහළ මීටර 100 සමනල ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලක)
එච්.කේ. උෂාන් ගුණරත්න (රත්නපුර ලයිසියම්, තත්.59.79)
පෙර වාර්තාව: ඉමේෂ් චතුරංග (තත්.59.93, 2015 වසරේදී)

17 න් පහළ මීටර 100 සමනල ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලිකා)
කේ.ඒ.හිරුණි පෙරේරා (මීගමුව හරිස්චන්ද්‍ර, වි.1.තත්.08.64)
පෙර වාර්තාව: හිරුණි ද සොයිසා (වි.1.තත්.10.58, 2014 වසරේදී)

17 න් පහළ මීටර 100 පසුපස ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලිකා)
විනෝලි ක`ඵආරච්චි (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, වි.1.තත්.08.42)
පෙර වාර්තාව: නදීරා ජයසේකර (වි.1.තත්.11.52, 2012 වසරේදී)

19 න් පහළ මීටර 100 පසුපස ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලිකා)
විනෝලි සිරිවර්ධන (මහනුවර මහාමායා, වි.1.තත්.13.47)
පෙර වාර්තාව: ඉෂානි සේනානායක (වි.1.තත්.15.54, 2014 වසරේදී)

15 න් පහළ මීටර 100 නිදහස් ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලක)
ස්ටෙපන් පෙරේරා (කොළඹ ගේට්වේ, තත්.54.24)
පෙර වාර්තාව: මැතිව් අබේසිංහ (තත්.56.40, 2011 වසරේදී)

17 න් පහළ මීටර 100 නිදහස් ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලිකා)
දිල්රුක්ෂි පෙරේරා (මහනුවර හිල්වුඞ්, වි.1.තත්.03.32)
පෙර වාර්තාව: මචිකෝ රහීම් (වි.1.තත්.03.34, 2013 වසරේදී)

17 න් පහළ මීටර 100 නිදහස් ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලක)
බී.දිලංක ශිහාන් (කොළඹ නාලන්දා, තත්.55.00)
පෙර වාර්තාව: ජේ.විජේරත්න (තත්.55.02, 1998 වසරේදී)

17 න් පහළ මීටර 100 නිදහස් ආර ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලක)
බී.දිලංක ශිහාන් (කොළඹ නාලන්දා, තත්.55.00)
පෙර වාර්තාව: ජේ.විජේරත්න (තත්.55.02, 1998 වසරේදී)

17 න් පහළ මීටර 200 මිශ්‍ර කේවළ ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලිකා)
කේ.ඒ.හිරුණි පෙරේරා (මීගමුව හරිස්චන්ද්‍ර, වි.2.තත්.38.45)
පෙර වාර්තාව: හිරුණි ද සොයිසා (වි.2.තත්.41.51, 2014 වසරේදී)

19 න් පහළ මීටර 200 මිශ්‍ර කේවළ ජේ්‍යෂ්ඨ ඉසව්ව (බාලිකා)
ෂෙලීනා පීරිස් (කොළඹ විශාඛා, වි.2තත්.45.87)
පෙර වාර්තාව: ගිහාරා සචිනි අමරසිංහ ( වි.2තත්.46.39, 2012 වසරේදී)

 

විනෝලි සිරිවර්ධන                                                          (ඡායාරූපය: ඉෂාන් සංජීව)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මයිලෝ පාසල් පිහිනුම් තරගාවලියේ දෙවන දිනයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප: ඉෂාන් සංජීව)

 


අදහස් (0)

දිලංකගෙන් නව වාර්තා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.