Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ බස්නාහිර පළාත් කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෝපිටිය ලොයෙලා විදුහලේ සිතුම් නිරංගද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්සාද සම්මාන දිනාගත්හ.
වයස 12 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී කොළඹ කාන්තා විදුහලේ මින්නා හසීම්ද, වයස 15 න් පහළ බාලිකා අවසන් මහ
![]() |
ඔනෙලි ලෙහන්සා |
තරගයේදී කිරිබත්ගොඩ විහාරමහා දේවි විදුහලේ තරින්දි තමාෂාද පරාජය කළ ඔනෙලි ලෙහන්සා, මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතා දිනාගත් එකම ක්‍රීඩිකාව බවටද පත් වූවාය.
කොළඹ රාජකීය විදුහලේ අතීෆ් රුස්ති පරාජය කරමින් වයස 15 න් පහළ බාලක ශූරතාව දිනාගත් බෝපිටිය ලොයෙලා විදුහලේ සිතුම් නිරංග, වයස 18 න් පහළ බාලක අනු ශූරතාවද හිමිකර ගනිමින් එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීය.
වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මහිත් ජයසුමන සමත් වූ අතර 18 න් පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ මියුසියස් විදුහලේ රනුධි මුතුකුඩආරච්චි සමත් වූවාය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.
බාලක තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
පමෝද දල්පදාදු (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස චිතිල වන්නිආරච්චි (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/09, 09/11, 13/11)
■ වයස 10 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසිම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස ජනිත් බටුගෙදර (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/07, 11/08)
■ වයස 12 න් පහළ
සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස රෙහාන් ඩැනියෙල් (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (16/14, 12/10)
![]() |
සිතුම් නිරංග |
■ වයස 15 න් පහළ
සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස අතීෆ් රුස්ති (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.
(08/11, 11/06, 12/10)
■ වයස 18 න් පහළ
මහිත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) පරාජය කරන ලදි. (11/09, 09/11, 11/07)
බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
සසිනි පනාගොඩ (ගම්පහ සුමේධ විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මෙනුජි වීරසිංහ (කිරිබත්ගොඩ විහාරමහා දේවි විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08)
■ වයස 10 න් පහළ
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිෂාන්ති පාදෙණිය (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/09)
■ වයස 12 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මින්නා හසීම් (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (04/11, 11/02, 11/07)
■ වයස 15 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස තරින්දි තමාෂා (කිරිබත්ගොඩ විහාරමහා දේවි විදුහල) පරාජය කරන ලදි. (08/11, 13/11, 12/10)
■ වයස 18 න් පහළ
රනුධි මුතුකුඩආරච්චි (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තරින්දි තමාෂා (කිරිබත්ගොඩ විහාරමහා දේවි විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.