Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස දිනේෂ්කාන්තන් තංගරාජාත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මේදිරා සමරසිංහත් සම්මාන දිනාගත්හ.
පිරිමි කේවල තරගයේ ශූරතාව දිනාගත් දිනේෂ්කාන්තන් තංගරාජා, ශාමල් දිසානායක සමග එක්ව පිරිමි යුගල තරගයේ අවසන් පූර්ව වටයටත්, තිසුරි මොල්ලිගොඩ සමග එක්ව මිශ‍්‍ර යුගල තරගයේ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබාගනිමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.
තිසුරි මොල්ලිගොඩ හමුවේ පරාජය වීම නිසා කාන්තා කේවල තරගයේ අවසන් පූර්ව වටයෙන් ඉවත්වූ මේදිරා සමරසිංහ, අම්රිතා මුත්තයියා සමග එක්ව කාන්තා යුගල ශූරතාවත්, සංඛ අතුකෝරාල සමග එක්ව මිශ‍්‍ර යුගල ශූරතාවත් දිනාගනිමින් මෙවර තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාවට හිමි සම්මානය තමන් සතු කරගත්තාය.
පාකිස්තානු ජාතික හීරා ආෂික් සහ තන්වීර් ආෂික් තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සංඛ අතුකෝරාල සහ යසිත ද සිල්වා පරාජය කරමිනි.
විවෘත පිරිමි යුගල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා සහ ශාමල් දිසානායක හමුවේ නිතරග ජයක් ලබා සංඛ අතුකෝරාල සහ යසිත ද සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. හීරා ආෂික් සහ තන්වීර් ආෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස රුස්තම් අලී සහ දිල්වර් හුසේන් පරාජය කරමිනි.
විවෘත කාන්තා යුගල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස නෙත්මි වඩුගේ සහ රුක්ෂිකා විජේසූරිය පරාජය කරමින් එහි ශූරතාව දිනාගැනීමට අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහ සමත් වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී කමලි හේරත් සහ ශෙනාලි වීරසේකර පරාජය කරමින් අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ අනිකා සෙනෙවිරත්න පරාජය කරමින් නෙත්මි වඩුගේ සහ රුක්ෂිකා විජේසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
තරගාවලියේ විවෘත මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගැනීමට සංඛ අතුකෝරාල සහ මේදිරා සමරසිංහ සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස හීරා ආෂික් සහ රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
මිශ‍්‍ර යුගල ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේ දෙවැනි වටය අතරතුර දිනේෂ්කාන්තන් තංගරාජා සහ තිසුරි මොල්ලිගොඩ සිය ප‍්‍රතිවාදීන්ට තරගයේ ජයග‍්‍රහණය පිරිනමා ඉන් ඉවත්වීමත් සමග සංඛ අතුකෝරාල සහ මේදිරා සමරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
හීරා ආෂික් සහ රොෂෙන්කා ප‍්‍රනාන්දු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එම ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කළේය.
විවෘත පිරිමි යුගල අවසන් මහ තරගය
විවෘත කාන්තා යුගල අවසන් මහ තරගය
විවෘත මිශ‍්‍ර යුගල අවසන් මහ තරගය
දිනේෂ්කාන්තන් තංගරාජා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගනිමින්....
මේදිරා සමරසිංහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබාගනිමින්....
හීරා අෂික් සහ තන්වීර් ආශික් පිරිමි යුගල ශූරතාව ලබාගනිමින්....
මේදිරා සමරසිංහ සහ සංඛ අතුකෝරාල මිශ්‍ර යුගල ශූරතාව ලබාගනිමින්....
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.