Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දක්‍ෂතම කී‍්‍රඩකයා උදය - කී‍්‍රඩිකාව චමත්සරා

දක්‍ෂතම කී‍්‍රඩකයා උදය - කී‍්‍රඩිකාව චමත්සරා

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ නගරාධිපති කුසලාන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප‍්‍රනාන්දුත් සම්මාන දිනාගත්හ.

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගාවලියේ බාලක වයස 18 න් පහළ කේවල තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සුපුන් වරුසවිතාන පරාජය කළ උදය රණසිංහ, පිරිමි විවෘත කේවල තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලේ ප‍්‍රසාද් ද සිල්වා පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

චමත්සරා ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 15 න් පහළ කේවල තරගයේදී සහ වයස 18 න් පහළ කේවල තරගයේදී කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා පරාජය කරමිනි.

කොළඹ මේසපන්දු සංගමය විසින් කොළඹ නගරසභාවේ කී‍්‍රඩාංගණ සහ විනෝද කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සහභාගී විය.

 

 

 

 

 

 

 

 

(කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා විසින් දක්‍ෂතම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට ත්‍යාග ප‍්‍රදානය කළ අවස්ථා...)

 

 

 

 

 

 

 

 

 


තරග ප‍්‍රතිඵල (බාලක)
වයස 10 න් පහළ කේවල
චානුක ශ්‍රී බණ්ඩාර (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස කවිඳු කුමුදාංජන (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදී. (11/04, 07/11, 14/12, 11/04)

වයස 12 න් පහළ කේවල  
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-2 ක් ලෙස සවින්ද තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදී. (11/06, 11/04, 07/11, 07/11, 12/10)

වයස 15 න් පහළ කේවල  
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස නිමේෂ් රංචාගොඩ (කෙළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදී. (11/05, 11/05, 11/05)

වයස 18 න් පහළ කේවල  
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සුපුන වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (11/08, 11/08, 11/06)

විවෘත පිරිමි කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-0 ක් ලෙස ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී. (11/09, 13/11, 11/08, 11/04)

ප‍්‍රවීන පිරිමි කේවල
ගාමිණී මොරායස් (ඇස්ට්‍රෝන් කී‍්‍රඩා සමාජය) විසින් තරග වට 3-0 ක් ලෙස එන්. එච්. පියදාස (ප‍්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය) පරාජය කරන ලදී. (11/07, 11/09, 11/09)

 

තරග ප‍්‍රතිඵල (බාලිකා)
වයස 10 න් පහළ කේවල  
කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සඳුනි ප‍්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදී. (06/11, 11/07, 13/11, 05/11, 11/07)

වයස 12 න් පහළ කේවල  
ඞී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස අෂිකා සත්සරණි පරාජය කරන ලදී. (08/11, 08/11, 11/04, 11/05, 11/6)

වයස 15 න් පහළ කේවල  
චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස හංසි පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදී. (11/06, 11/04, 08/11, 11/06)

වයස 18 න් පහළ කේවල  
චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස හංසි පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදී. (11/08, 13/11, 11/06)

විවෘත කාන්තා කේවල
ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් තරග වට 4-1 ක් ලෙස එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (05/11, 11/05, 11/05, 11/05, 12/10)


අදහස් (0)

දක්‍ෂතම කී‍්‍රඩකයා උදය - කී‍්‍රඩිකාව චමත්සරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.