Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට යයි

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී මේ මස 7 වැනිදා ආරම්භ වන 14 වැනි ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම සඳුදා (3 වැනිදා) අලූයම දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය මේ මස 16 වැනිදා දක්වා පැවැත්වේ.

සෙමිණි අල්විස්ගේ නායකත්වයෙන් යුතු ශී‍්‍ර ලංකා කණ්ඩායමට ගයනි සමන්තිකා (උප නායිකා), දර්ෂිකා ලක්මාලි, සුරේකා කුමාරි, දර්ශනී අබේකෝන්, ශානිකා වීරරත්න, ලක්මාලි මෙන්ඩිස්, ගයාංජලී අමරවංශ, නිරෝෂනී පායිවා, තිශාලා අල්ගම, තිළිණි දිනේෂිකා සහ විරාජි චමරිකා යන කී‍්‍රඩිකාවෝ ඇතුළත්ව සිටිති.

ලෝක ශූරතාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස දීප්ති අල්විස් මහත්මිය කටයුතු කරන අතර සහය පුහුණුකාරිනිය ලෙස තමරා ලියනගේ මහත්මිය කටයුතු කරන්නීය.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 24 වැනි ස්ථානනයේ රැදී සිටින ශී‍්‍ර ලංකාව මෙවර ලෝක ශූරතාවලියේදී ‘සී’ කාණ්ඩය යටතේ තරග වදී.

ලෝක ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවන මලාවි දේශය, 6 වැනි ස්ථානයේ පසුවන දකුණු අපි‍්‍රකාව සහ 17 වැනි ස්ථානයේ පසුවන සිංගප්පූරුව ‘සී’ කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වෙති.

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහභාගී වන පළමු තරගය සිංගප්පූරුවට එරෙහිව තරගාවලියේ ආරම්ක දිනයේදී (7 වැනිදා) පැවැත්වෙන අතර මලාවි දේශයට එරෙහිව පැවැත්වෙන තරගය මේ මස 8 වැනිදාත්, දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තරගය 10 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී කණ්ඩායම් 16 ක් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඞී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති. තරගාවලියේ සත්කාරකත්වය දරන  ඕස්ටේ‍්‍රලියාව සමගින් ඉකුත් වසරේ පැවැති ලෝක ශූරතාවලියේදී පළමු ස්ථාන 6 දිනාගත් කණ්ඩායම් (නවසීලන්තය, එංගලන්තය, ජැමෙයිකාව, මලාවි දේශය සහ දකුණු අපි‍්‍රකාව) මෙවර ලෝක ශූරතාවලියට ඍජුවම සුදුසුකම් ලබාගෙන තිබේ.

එම රට වලට අමතරව ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා කළාප මට්ටමින් පැවැති තරගාවලි වලදී ශූරතා සහ අනුශූරතා දිනාගත් කණ්ඩායම් 10 ක්ද මෙවර තරගාවලියට එක්ව සිටිති.

යුරෝපා මහද්වීපයෙන් ස්කොට්ලන්තය සහ වේල්සයද, ඇමරිකා මහද්වීපයෙන් බාර්බඩෝස් සහ ටි‍්‍රනිඩෑඞ් - ටොබේගෝද, ආසියා මහද්වීපයෙන් සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාවද, අපි‍්‍රකා මහද්වීපයෙන් සිම්බාබ්වේ සහ උගන්ඩාවද, ශාන්තිකර කළාපයෙන් සමෝයා සහ ෆීජි දුපත් කණ්ඩායම්ද කළාප මට්ටමින් පැවැති තරගාවලි වලදී ශූරතා සහ අනුශූරතා දිනා ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගත්හ.

මෙතෙක් පැවැති දැල් පන්දු ලෝක ශූරතාවලි 13 න් 9 කම ශූරතා දිනාගැනීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් වී ඇති අතර ඉතිරි තරගාවලි 4 න් 3 ක ශූරතා දිනාගැනීමට නවසීලන්තය සමත්වී තිබේ.  වසර 1979 දී පැවැති දැල් පන්දු ලෝක ශූරතාවලියේදී  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ දේශය සම ශූරයන් බවට පත්වූහ.

එම ලෝක ශූරතාවලි 13 න් 8 කට සහභාගීවී ඇති ශී‍්‍ර ලංකාව, වසර 1963 දී පැවැති පළමු ලෝක ශූරතාවලියට සහභාගි වීමෙන් අනතුරුව නැවතත් 1983 වසරේදී ලෝක ශූරතාවලියට සහභාගි වී ඇත්තේ වසර 20 ක පමණ දිගු නිහැඩියාවකින් පසුවය.

මංගල ලෝක ශූරතාවලියේදී කණ්ඩායම් 11 ක් අතරින් 9 වැනි ස්ථානයට පත්වූ ශ‍්‍රී ලංකාව, 1983 වසරේදී කණ්ඩායම් 14 ක් අතරින් 14 වැනි ස්ථානයත්, 1987 වසරේදී කණ්ඩායම් 17 ක් අතරින් 16 වැනි ස්ථානයත්, 1991 වසරේදී කණ්ඩායම් 20 ක් අතරින් 15 වැනි ස්ථානයත්, 1995 වසරේදී කණ්ඩායම් 27 ක් අතරින් 19 වැනි ස්ථානයත්, 1999 වසරේදී කණ්ඩායම් 26 ක් අතරින් 21 වැනි ස්ථානයත්, 2003 වසරේදී කණ්ඩායම් 24 ක් අතරින් 18 වැනි ස්ථානයත් හිමිකරගත්තේය.

2007 වසරේ පැවැති දැල් පන්දු ලෝක ශූරතාවලියට ශී‍්‍ර ලංකාව සහභාගී නොවූ අතර අවසන් වරට පැවැති (2011 වසරේදී) ලෝක ශූරතාවලියේදී ශී‍්‍ර ලංකාවට කණ්ඩායම් 16 ක් අතුරින් 14 වැනි ස්ථානය හිමිවිය.

 


ලෝක ශූරතාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම...

 


අදහස් (0)

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.