Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දහ වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාට නොයෙකුත් පාර්ශ්ව විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනූව තේරීම් කමිටුව විසින් නම් කරන ලද සංචිත පිළිබඳව කණ්ඩායමේ පුහුණුකාරිණිය සහ බහුතර ක්‍රීඩිකාවන්ගේ නොසතුටට හේතුවී ඇති බවද සඳහන් වේ.
ලබන ජූලි 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව පැවැත්වීමට නියමිත අතර නම් කරන ලද සංචිතයේ 12 දෙනා වෙනස් කරනු ලබන්නේ ඒ අතරින් ක්‍රීඩිකාවන් ආබාධයකට ලක් වුවහොත් පමණක් බව ක්‍රීඩා ඇමැතිවරයා පවසා තිබේ. මේ දිනවල සංචාරයට සහභාගි වන 12 දෙනා මෙන්ම අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනාද නාවලපිටියේදී පුහුණු සැසිවලට සහභාගි වෙමින් සිටිති.
ආසියානු කුසලාන සඳහා නම් කරන ලද 12 දෙනා අතරට පසුගිය දැල්පන්දු ලෝක කුසලාන කණ්ඩායම් නායිකාව වූ සේමිණී අල්විස් මෙන්ම ලෝක කුසලාන තරගාවලි දෙකක් මෙන්ම ආසියානු කුසලාන තරගාවලි දෙකක අත්දැකීම් ඇති විරාජි චාමරිකා අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කිරීම හේතුවෙන් දැල්පන්දු තේරීම් කමිටුව විවේචනයට බඳුන්වී තිබේ.
ලෝක කුසලාන තරගාවලියක නායකත්වය දැරීමට සුසුදු කම් තිබූ ක්‍රීඩිකාවක් ඊළඟ ආසියානු තරගාවලියේදී අතිරේක ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුවට එක්වීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ. ඊට අමතරව අවසන් තේරීම් පරීක්‍ෂණවලට පමණක් සහභාගි වූ 32 හැවිරිදි වියේ පසුවන කාංචනා ජයවීර ක්‍රීඩිකාව 12 දෙනා අතරට පැමිණීම පිළිබඳවද තේරීම් කමිටුවට චෝදනා එල්ලවී තිබේ.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් ක්‍රීඩා ඇමැතිවරයාටද යැවීමටද අසාධාරණයට ලක්වූ ක්‍රීඩිකාවන් සූදානම් වන බව දැනගන්නට ඇත.
තර්ජනී සිවලිංගම්ට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුනු උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන තිසාලා අල්ගමද මෙවර ආසියානු කුසලාන තේරීම් පරීක්‍ෂණවලට සහභාගි නොවීම විශේෂත්වයක් වේ. අඩි 6 යි අගල් පහක් උස තිසාලා පසුගිය අප්‍රේල් මස පැවැති ආරක්ෂක සේවා දැල්පන්දු තරගාවලියටද ක්‍රීඩා කර තිබේ.
ආබාධයක් හේතුවෙන් ඇය තේරීම් පරීක්‍ෂණවලට සහභාගිවී නැති බව සඳහන් වුවත් ඒ පිළිබඳව කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීමද විශේෂත්වයකි.
හිටපු තේරීම් කමිටුව විසුරුවා හරිමින් ඊට පෙර පත්වූ තේරීම් කමිටුවම පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු යොදා ඇති අතර එම තේරීම් කමිටුව ඉන්ද්‍රානි පතිරාජ, සීතා රමණී, සකුන්තලා විජේතුංග, රෝහිනී පෙරේරා සහ ප්‍රියංකා පීරිස් යන මහත්මීන්ගෙන් සමන්විත වේ.
ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා නම් කරන ලද 12 දෙනාගේ කණ්ඩායම
ගයනි දිසානායක, දර්ශිකා අබේවික්‍රම, හසිතා මෙන්ඩිස්, තිළිණි වත්තේගෙදර, ගයංජලී අමරවංශ, සුරේකා කුමාරී, දීපිකා දර්ශනී, සාමලී රත්නායක, දුලංගා ධනංජි, රවිනි යටිගම්මන, කාංචනා ජයවීර, තිවංකා පෙරේරා
අතිරේක ක්‍රීඩිකාවෝ
සේමිණී අල්විස්, පූර්ණිමා වෛද්‍යරත්න සහ විරාජි චාමරිකා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.