Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ආබාධිතවුවන් සදහා වන (පැරා) ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වන අද (22) නව ජාතික වාර්තා 14 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වුහ. හෙල්ල විසි කිරීම සහ යගුලිය විසි කිරීම යන ඉසව් දෙකේදී පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්තා අටක් පිහිටුවමින් දස්කම් දැක්වීම කැපී පෙනේ.
රිහැබ් ලංකා ක්‍රීඩා සමාජයේ කාංචනා ප්‍රදීපා හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වකදී දෙවැනි ස්ථානය දිනාගත් නමුත් ඇය කවපෙත්ත විසි කිරීම ඉසව්වේදී නව වාර්තාවක් පිහිටුවීමට සමත්වුවාය. කිලිනොච්චි ක්‍රීඩා සමාජයේ මේරි අනීතා මීටර 10.93 ක් හෙල්ල විසි කරමින් 2013 වසරේ කාංචනා ප්‍රදීපා පිහිටුවා තිබු වාර්තාව බිද දැමුවාය.
යගුලිය විසි කිරීම කාන්තා ඉසව්වේදී වසර 18 ක් පැරණි වාර්තාවක් බිද දැමීමට තිසාරා ජයසිංහ (මීටර 3.82) සමත්වුවාය. 1998 වසරේදී බණ්ඩාර මැණිකේ (මීටර 3.42) පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
ආබාධිතවුවන්ගේ ජාතික තරගාවලියට සෑම පළාතක්ම නියෝජනය කරමින් සිවිල්, ත්‍රිවිධ හමුදා ඇතුඵ ක්‍රීඩා සමාජ 53 කට වැඩි සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700 ක් පමණ සහභාගිවී සිටිති. මෙවර මඩකලපුව ඇතුලූ උතුරු නැගෙනහිර පළාත් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.
තරගාවලියේ අවසන් දිනය වන හෙට (23) සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සහභාගි වීමට නියමිතය.
නව ජාතික වාර්තා පිහිටවු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ:
හෙල්ල විසි කිරීම - රෝද පුටු ඉසව්ව (පිරිමි. එෆ් 56)
එම්. ආර්. පුෂ්පකුමාර (මීටර 25.15, විජයබා ක්‍රී.ස.)
(පෙර වාර්තාව : ඞී.එස්. විජේසේකර 2013 වසරේදී මීටර 23.29)
හෙල්ල විසි කිරීම රෝද පුටු ඉසව්ව (පිරිමි, එෆ් 57)
සම්පත් කුමාර (මීටර 34.67, විජයබා ක්‍රී.ස.)
(පෙර වාර්තාව : එස්.බී.මාදුරුව, 2006 වසරේදී මීටර 25.18)
මීටර 100 (කාන්තා, ශ්‍රේණිය 53)
නිරෝෂනී කුමාරී (තත් 30.1,රෙහෙබ් ලංකා)
(පෙර වාර්තාව :නිරෝෂනී කුමාරී, 2003 වසරේදී තත් 30.5)
යගුලිය විසි කිරීම (කාන්තා)
තිසාරා ජයසිංහ (මීටර 3.82)
(පෙර වාර්තාව : බණ්ඩාර මැණිකේ, 1998 වසරේදී මීටර 3.42)
යගුලිය විසි කිරීම (පිරිමි, එෆ්. 42)
සම්පත් ප්‍රසන්න (මීටර 9.71, ලයිට් ඉන්ෆැන්ට්රි)
(පෙර වාර්තාව : සම්පත් ප්‍රසන්න (2013 වසරේදී මීටර 9.52)
දුර පැනීම (පිරිමි, එෆ් 42)
බුද්ධික ඉන්ද්‍රපාල (මීටර 5.20, කොමන්ඩො ක්‍රී.ස)
(පෙර වාර්තාව : එස්.අමරසිංහ 2006 වසරේදී මීටර 3.69)
හෙල්ල විසි කිරීම (කාන්තා, එෆ් 42)
මේරී අනිටා (මීටර 10.93, කිලිනොච්චි ක්‍රී.ස)
(පෙර වාර්තාව : කාංචනා ප්‍රදීපා 2013 වසරේදී මීටර 9.13)
කවපෙත්ත විසි කිරීම (කාන්තා)
කාංචනා ප්‍රදීපා (මීටර 13.41, රෙහෙබ් ලංකා)
(පෙර වාර්තාව : රෝෂිනී සංගීතා 2003 වසරේදී මීටර 11.87)
උස පැනීම (පිරිමි)
ගයාන් සංජීව (මීටර 1.55)
(පෙර වාර්තාව :එම්.පියල් 2006 වසරේදී මීටර 1.35)
හෙල්ල විසි කිරීම (පිරිමි එෆ් 46)
ගාමිණී ඒකනායක (මීටර 44.99, ලයිට් ඉන්ෆැන්ට්රි)
(පෙර වාර්තාව : එන්, සෙනෙවිරත්න 2003 වසරේදී මීටර 42.61)
මීටර 200 (කාන්තා , ටී 46)
අමරා ඉන්දුමතී (තත්. 28.40 , රෙහෙබ් ලංකා)
(පෙර වාර්තාව : කුමුදු ප්‍රියංගිකා, 2006 වසරේදී තත් 38.0)
මීටර 200 (පිරිමි , ටී 11)
ආර්.තෙන්නකෝන් (තත්. 25.50 , විජයබා)
(පෙර වාර්තාව : ඞී.කේ. යාපා 2006 වසරේදී තත් 26.6)
යගුලිය විසි කිරීම (පිරිමි එෆ් 20)
සුසන්ත සිල්වා (මීටර 8.57, අශෝකපුර)
(පෙර වාර්තාව : ලීල් ඉලංගසිංහ, 2013 වසරේදී තත් 6.52)
යගුලිය විසි කිරීම (පිරිමි එෆ් 44)
සංඛ කුමාර (මීටර 11.71)
(පෙර වාර්තාව : එම්. පී චන්ද්‍රසේන, 2006 වසරේදී තත් 11.65)
- 090
ජාතික පැරා මලලකී‍්‍රඩා ශූරතාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.