Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය පළමු වරට සංවිධානය කරන ‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරියේ අද (8 වැනිදා) පැවැති දෙවැනි අදියර ජය ගැනීමට පිලිපීනයේ ඔකොනර් ජෝජ් ලුයිස් සමත් විය. කිලෝ මීටර් 91.6 ක දුරකින් සමන්විත වූ දෙවැනි අදියර පැය 2 යි, විනාඩි 22 යි, තත්ත්පර 48 කින් නිමා කරමින් ඔහු එම ජයග්‍රහණයට හිමිකම් කීවේය.
දෙවැනි අදියරේ ජයග්‍රහණයත් සමගින් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමටද ඔකොනර් සමත් වූ අතර හෙට (9 වැනිදා) පැවැත්වෙන තෙවැනි අදියර සඳහා ඔහු තරගයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙස කහ පැහැති කබාය පැළඳ තරග වැදීමට නියමිතය.
ස්ප්‍රින්ට් අදියරේදී ලබාගත් ලකුණු වල එකතුවත් සමගින් ප්‍රසාද ලකුණු 18 ක් ලබා තරගයේ වේගවත්ම ක්‍රීඩකයාට හිමිවන කොළ පැහැති කබායද තමන් සතුකර ගැනීමට ඔකොනර් සමත් විය. කෙසේ වුවත් ඔහුට කබා දෙකක් පැළඳ තෙවැනි අදියරට සහභාගි විය නොහැකි නිසා ප්‍රසාද ලකුණු 17 ක් ලබා අද දිනයේ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වූ මැලේසියාවේ සොෆියාන් නබිල් ඔමාර් හෙට දිනයේදී කොළ පැහැති කබාය පැළද තරග වැදීමට නියමිතය.
ඔකොනර් සමග එක පොකුරේ පැමිණ, ඔහුට වඩා තත්ත්පරයක් පසුපසින් (පැය 2 යි, විනාඩි 22 යි, තත්ත්පර 49 කින්) තරගය නිමා කළ නෙදර්ලන්ත කණ්ඩායමේ වෝනර් සැමුවෙල්ස් සහ ෆිටි්‍රයන්ටෝ හැරි පිළිවෙලින් දෙවැනි අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ.
ඊයේ (7 වැනිදා) පැවැති පළමු අදියර ජයගත් මැලේසියාවේ සොෆියාන් නබිල් ඔමාර්ට හිමි වූයේ දෙවැනි අදියරේ පස්වැනි ස්ථානයයි. ඔහුට දෙවැනි අදියර නිමා කිරීම සඳහා ගත වූ කාලය පැය 2 යි, විනාඩි 28 යි, තත්ත්පර 55 කි.
දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සුරංග රණවීර දෙවැනි අදියර නිමා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් විය. පළමු පොකුරෙන් සහ දෙවැනි පොකුරෙන් මිදී හුදෙකලා සටනක නිරත වූ සුරංග, පැය 2 යි, විනාඩි 29 යි, තත්ත්පර 40 ක කාලයකින් දෙවැනි අදියර නිමා කළේය.
සුරංග තරගය නිමා කිරීමෙන් විනාඩි 2 කට පසුව පමණ එක පොක-ුරේ පැමිණි ලක්ෂ්මන් විජේරත්න (යුද හමුදාව) 9 වැනියා ලෙසත්, ගීත් සිල්වා (නාවික හමුදාව) 11 වැනියා ලෙසත්, බුද්ධික වරණකුලසූරිය (ගුවන් හමුදාව) 12 වැනියා ලෙසත් දෙවැනි අදියර නිමා කළහ.
දෙවැනි අදියර නිමා කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සුරංග සමත් වුවත්, පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු වල එකත-ුවට අනුව ගුවන් හමුදාවේ බුද්ධික වරණකුලසූරිය සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් විය. ඒ අනුව බුද්ධික, තෙවැනි අදියරේදී නිල් පැහැති කබාය පැළඳ තරගයට එක් වීමට නියමිතය.
දෙවැනි අදියරට එක් ස්ප්‍රින්ට් අදියරක් සහ කඳු තරණ තුනක් ඇතුළත් වූ අතර මහියංගනය නගරයේ සිට කිලෝ මීටර් 14.8 කින් සමන්විත වූ ස්ප්‍රින්ට් අදියර ජයගැනීමට දෙවැනි අදියරේ දෙවැනියා බවට පත්වූ නෙදර්ලන්තයේ වෝනර් සැමුවෙල්ස් සමත් විය. නෙදර්ලන්තයේ ෆිටි්‍රයන්ටෝ හැරි, පිලිපීනයේ කයුබිට් බූට්ස් රයන් සහ පිලිපීනයේ ඔකොනර් ජෝජ් ලුයිස් පිළිවෙලින් කඳු තරණ තුන ජයගත්හ.
තරගයේ සමස්ත ප්‍රතිඵලය අනුව මේ වන විට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වී ඇති අතර එහි දෙවැනි ස්ථානය පිලිපීන කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය මැලේසියානු කණ්ඩායමටත් හිමි වී තිබේ.
අද (8 වැනිදා) පෙරවරු 9.00 ට මහියංගනය නගරයෙන් ආරම්භ වූ දෙවැනි අදියර හසලක, 18 වංගුව, උඩු දුම්බර, හුන්නස්ගිරිය, වික්ටෝරියා පාලම, තෙල්දෙණිය, හුළු ගඟ, දිගන, තැන්නේ කුඹුර, ලේවැල්ල පසු කර මහනුවරට පැමිණීමෙන් අවසන් විය. මහනුවර නගරයේ තිලංකා හෝටලය අසලින් දෙවැනි අදියරේ නිමාව සටහන් කෙරිණ.
දෙවැනි අදියර සඳහා දෙස් විදෙස් කණ්ඩායම් 13 ක් නියෝජනය කරමින් පාපැදිකරුවන් 54 දෙනෙක් සහභාගි වූ අතර ඉන් 51 දෙනෙක් සාර්ථකව තරගය අවසන් කළහ.
තරගයේ තෙවැනි අදියර හෙට (9 වැනිදා) මධ්‍යහන 12.00 ට මහනුවර නගරයෙන් ආරම්භ වන අතර මීගමුව නගර සභාව අසලින් අවසන් වීමට නියමිතය. එහිදී තරගකරුවන්ට ගැටඹේ, පල්ලේමුල්ල, කටුගස්තොට, මාවතගම, මැල්ලවපිටිය, නාරම්මල, දඹදෙණිය, පුස්කොළදෙණිය, ගිරිඋල්ල, පන්නල, දංකොටුව, කොච්චිකඬේ යන නගර පසුකරමින් කිලෝ මීටර් 124.5 ක දුරක් ගමන් කිරීමට සිදුවනු ඇත.
තෙවැනි අදියරට එක් කඳු තරණයක් සහ ස්ප්‍රින්ට් අදියර 3 ක් ඇතුළත් වන අතර කඳු තරණය (පල්ලේමුල්ලේ සිට) කිලෝ මීටර් 5.8 කින් සමන්විත වේ. පළමු ස්ප්‍රින්ට් අදියර (මාවතගම මැදි විදුහල අසල සිට) කිලෝ මීටර් 33.6 කින්ද, දෙවැනි ස්ප්‍රින්ට් අදියර (පුස්කොලදෙණියේ සිට) කිලෝ මීටර් 77.8 කින්ද, තෙවැනි ස්ප්‍රින්ට් අදියර (දංකොටුව හංදියේ සිට) කිලෝ මීටර් 106.8 කින්ද සමන්විත වේ.
තරග ප්‍රතිඵල
1 ඔකොනර් ජෝජ් ලුයිස් (පිලිපීනය) - පැය 2.22:48
2 වොල්කර්ස් සැමුවෙල් (නෙදර්ලන්තය) - පැය 2.22:49
3 ෆිටි්‍රයන්ටෝ හැරි (නෙදර්නල්තය) - පැය 2.22:49
4 කයුබිට් බූට්ස් රයන් (පිලිපීනය) - පැය 2.22:57
5 සොෆියාන් නබිල් ඔමාර් (මැලේසියාව) - පැය 2.28:55
6 නෙදර්ලොෆ් ලෙක්ස් (නෙදර්නල්තය) - පැය 2.28:55
7 මොහොමඞ් ඩැනියෙල් (මැලේසියාව) - පැය 2.29:00
8 සුරංග රණවීර (දෙහිවල - ගල්කිස්ස මහ නරග සභාව) - පැය 2.29:40
9 ලක්ෂ්මන් විජේරත්න (යුද හමුදාව) - පැය 2.30:56
10 සම්රි එයිමන් ෆර්ඩස් (මැලේසියාව) - පැය 2.30:57
11 ගීත් සිල්වා (නාවික හමුදාව) - පැය 2.30:58
12 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව) - පැය 2.30:59
![]() |
![]() |
‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරියේ දෙවැනි අදියරේ උණුසුම් අවස්ථා...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.