Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දෙවැනි අදියරේ ජය ජානකට

දෙවැනි අදියරේ ජය ජානකට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධානය කරන 19 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ කිලෝමීටර 172.6 ක දුරකින් සමන්විත වූ දෙවැනි අදියර ජයගැනීමට නාවික හමුදාවේ ජානක හේමන්ත සමත් විය.

අද (3 වැනිදා) උදෑසන පුත්තලම නගරයේ අනුරාධපුර මාර්ගයට හැරෙන මංසන්ධියෙන් ආරම්භ වී හිඟුරන්ගොඩ නගරය දක්වා පැමිණි එම අදියර අවසන් කිරීම සඳහා ජානකට ගත වූ කාලය පැය 4.07:39 කි.

ජානක සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න, ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය සහ නාවික හමුදාවේ නිහාල් සිල්වා පිළිවෙලින් දෙවැනි අදියරේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූහ.

මේ වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට පොලිසියේ සුධීර නිලංග සමත්ව සිටින අතර තරගයේ මුල් අදියර දෙක නිමා කිරීම සඳහා ඔහු ගතකර ඇති මුලු කාලය පැය 7.08:53 කි. සුධීරට වඩා තත්ත්පරයක් පසුපසින් සිටින දෙහිවල ගල්කිස්ස නගරසභාවේ ප්‍රියන්ත විජේසිංහ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේත්, තත්ත්පර 3 ක් පසුපසින් සිටින නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් තෙවැනි ස්ථානයේත් රැදී සිටිති.

හෙට (4 වැනිදා) තරගයේ අවසන් අදියර පැවැත්වෙන අතර එහිදී තරගකරුවන්ට හිඟුරන්ගොඩ නගරයේ සිට අම්පාර නගරය දක්වා කිලෝ මීටර 149.9 ක දුරක් ගමන් කිරීමට සිදුවනු ඇත. කිලෝ මීටර් 65.4 ක දුරකින් සමන්විත කාන්තා තරගයද හෙට මඩකලපුව නගරයේ සිට අම්පාර නගරය දක්වා පැවැත්වේ.

තරග ප්‍රතිඵල

1 ජානක හේමන්ත (නාවික හමුදාව)
2 ලක්ෂ්මන් විජේරත්න (යුද හමුදාව)
3 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව)
4 නිහාල් සිල්වා (නාවික හමුදාව)

 

 

 


අදහස් (0)

දෙවැනි අදියරේ ජය ජානකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.