Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නිෂාන්ත - රොෂිටා ත්‍රිත්ව ශූරතා දිනති

නිෂාන්ත - රොෂිටා ත්‍රිත්ව ශූරතා දිනති

Nisanka Sandeepani - 2019 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 30 වැනි ‘සම්මේලන කුසලාන’ කැරම් ශූරතාවලියේදී කැපීපෙනෙ දස්කම් දක්වමින් ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝශප් රොෂිටා සමත් වූහ.  

දෙමටගොඩ යුනයිටඞ් ක්‍රීඩා සමාජයේ ඊ.ඒ.ඩී. ඉන්ද්‍රජිත් පරාජය කරමින් ප්‍රවීණ කේවල ශූරතාව දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු, ඉන් නොනැවතී චානක ජීවන් සමග එක්ව පිරිමි යුගල ශූරතාවද, ජෝශප් රොෂිටා සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාවද දිනා ගනිමින් ත්‍රිත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය. 

කාන්තා කේවල ශූරතාව දිනාගත් ජෝශප් රොෂිටා, නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තරුෂි හිමහංසිකා සමග එක්ව කාන්තා යුගල ශූරතාවද, නිශාන්ත ප්‍රනාන්දු සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාවද දිනා ගනිමින් ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සමත් වූවාය. 

තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඞ් හිල්මි සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සුරාජ් මධුවන්ත පරාජය කරමිනි. 

මෙවර සම්මේලන කුසලාන කැරම් ශූරතාවලිය ‘වයිට් ස්ලෑම්’ (ප්‍රතිවාදියාට අවස්ථාව නොදී තරගවාරයක් නිමා කිරීම්) අවස්ථා හයකින් වර්ණවත් කිරීමට සුරාජ් මධුවන්ත (2), අනාස් අහමඞ් (2), නිශාන්ත ප්‍රනාන්දු (1) සහ ඩබ්ලිව්.එම්. මුෆීෂ් (1) යන ක්‍රීඩකයෝ සමත් වූහ. 
කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවති මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 350 කට අධික පිරිසක් සහභාගී වූහ. 

තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
ෂහීඞ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය) විසින් වට 2-0 ක් ලෙස සුරාජ් මධුවන්ත (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි. (25/10, 25/08) 

කාන්තා කේවල 
ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් වට 2-1 ක් ලෙස මධුවන්ති ගුණදාස (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි. (17/25, 25/13, 25/08) 

පිරිමි යුගල 
නිශාන්ත ප්‍රනාන්දු සහ චානක ජීවන් (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් වට 2-1 ක් ලෙස උදේෂ් චන්දිම සහ දිනෙත් දුලක්‍ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) පරාජය කරන ලදහ. (25/15, 04/25, 25/06) 

කාන්තා යුගල 
ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව) සහ තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහාමායා බාලිකා 
විද්‍යාලය) විසින් වට 2-1 ක් ලෙස ශෂිකා සඳමාලී සහ රෙබෙකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදහ. (25/13, 11/16, 25/10) 

මිශ්‍ර යුගල 
නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් වට 2-0 ක් ලෙස එම්. ෂෙරීෆ්ඩීන් සහ මධුකා දිල්ෂානි රණවීර (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදහ. (25/14, 25/02) 

ප්‍රවීණ කේවල 
නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් වට 2-0 ක් ලෙස ඊ.ඒ.ඩී. ඉන්ද්‍රජිත් (දෙමටගොඩ යුනයිටඞ් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. (25/05, 25/19) 

 

පිරිමි කේවල ශූරතාවය දිනාගත් ෂහීඞ් හිල්මි (වමේ ) සහ අනු ශූරතාවය හිමිකරගත් සුරාජ් මධුවන්ත (දකුණේ)

කාන්තා කේවල ශූරතාවය දිනාගත් ජෝශප් රොෂිටා (වමේ)  සහ අනුශූරතාවය හිමිකරගත් මධුවන්ති ගුණදාස  (දකුණේ)

පිරිමි යුගල ශූරතාවය දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු සහ චානක ජීවන් (මැද) සමග අනු ශූරතාවය හිමිකරගත් 

උදේෂ් චන්දිම සහ දිනෙත් දුලක්‍ෂණ (දෙපස) 

කාන්තා යුගල ශූරතාවය දිනාගත් ජෝශප් රොෂිටා සහ තරුෂි හිමහංසිකා (මැද) සමග අනු ශූරතාවය හිමිකරගත්

රෙබෙකා ඩැල්රින් සහ ශෂිකා සඳමාලී (දෙපස) 

 මිශ්‍ර යුගල ශූරතාවය දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝශප් රොෂිටා (මැද) සමග අනුශූරතාවය හිමිකරගත්

එම්. ෂෙරීෆ්ඩීන් සහ මධුකා දිල්ෂානි රණවීර (දෙපස) 

ප්‍රවීණ ශූරතාව දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු (දකුණේ) සහ අනු ශූරතාව හිමිකරගත් ඊ.ඒ.ඩී. ඉන්ද්‍රජි (වමේ)

 


අදහස් (0)

නිෂාන්ත - රොෂිටා ත්‍රිත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.