Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ඊයේ (13) පැවැත්වීමට තිබු පිරිමි කේවළ ඉසව්වේ ‘පී’ කාණ්ඩයේ තරගයට ගෝතමලාවේ ක්‍රීඩක කෙවින් කොර්ඩන් සහභාගි නොවීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක නිලුක කරුණාරත්නට නිතරග ජයක් හිමිවිය.
නිලුක නිතරග ජයක් ලැබුව ද ඔහුට පෙර අර්ධ අවසන් පුර්ව වටයට (ක්‍රීඩකයන් 16 දෙනා අතරට) සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ වන විටත් අහිමිව ගොස් තිබේ.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ ලේකම් අමල් ඩයස් මහතා පැවසුවේ ‘පී’ කොටසේ පළමු ස්ථානය ලබා ගන්නා ක්‍රීඩකයා පමණක් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබන බවයි. ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින චීනයේ චෙන් ලොන්ග් තරග දෙකක් ජය ලබා නිතරග ජයක් ද සමඟ එහි පළමු ස්ථානයේ සිටී.
නිලුකව පරදවා වට 2-0 ක පහසු ජයක් ලැබු චීන ක්‍රීඩකයා ඊයේ පෝලන්තයේ ඒඩි්‍රයන් දිසෙල්කෝ පරදවා ලකුණු 21/12 ක් 21-9 ක් ලෙස තරග වට 2-0 ක පහසු ජයක් ලැබීය. කෙවින් කොර්ඩන් තරගාවලියෙන් ඉවත්වීම නිසා චෙන් ලොන්ග් ට නිතරග ජයක් හිමිවිය.
නිලුක ‘පී’ කාණ්ඩයෙන් තරග වදින ක්‍රීඩකයන් සිවු දෙනාගෙන් තෙවැනි ස්ථානයේ සිටින අතර ඔහුට එහි දෙවැනි ස්ථානයට පැමිණීමට හෙට පැවැත්වෙන තරගය ජය ලැබිය යුතුය. හෙට (15) පැවැත්වෙන තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 58 වැනි ස්ථානයේ සිටින පෝලන්තයේ ඒඩි්‍රයන් දිසෙල්කෝ සමඟ නිලුක තරග වැදීමට නියමිතය.
නිලුක සිටින්නේ ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 93 වැනි ස්ථානයේය.
චෙන් ලොන්ග් හමුවේ පරාජය වු දිසෙල්කෝ, ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටි කෙවින් කොර්ඩන් තරග වට 2-1 කින් පරාජය කිරීමට සමත්වුයෙන් හෙට තරගය නිලුක ට පහසු නොවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.