Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නඩාල් ප්‍රංශ ටෙනිස් කිරුළේ අවසන් තරගයට

නඩාල් ප්‍රංශ ටෙනිස් කිරුළේ අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 6-4ක්, 6-1ක් සහ 6-2ක් ලෙස විශිෂ්ට ජයක් ලැබූ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සිය 11වැනි ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ අත්පත් කරගැනීමේ අවස්ථාවට පිවිස සිටියි.

හෙට පැවැත්වෙන මේ අවසන් මහා තරගයේදී 32 හැවිරිදි නඩාල්ගේ ප්‍රතිවාදියා බවට පත්වී සිටින්නේ ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන සිටින ඔස්ටි්‍රයාවේ ඩොමිනික් තීම් සමගය. ඔහු අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ආජන්ටිනාවේ මාර්කෝ සෙචිනාටෝ ලකුණු 7-5ක්, 7-6ක් සහ 6-1ක් ලෙස පරාජය කරමිනි. 24 හැවිරිදි තීම් හෙට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ සිය පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගයටය.

ප්‍රංශ විවෘත ටෙනිස් තරග පැවැත්වෙන රෝලන්ඞ් ගැරෝස් පිටියේ මෙතෙක් කාලයක් ක්‍රීඩා කළ තරග 87කින් 2ක් පමණක් පරාජය වී ඇති මේ ස්පාඤ්ඤ ක්‍රීඩකයාට ඊයේ ආජන්ටිනා ක්‍රීඩකයාව පරාජය කිරීමට ගත වූයේ පැය දෙකක් පමණි. එකම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහා තරගයට 11 වතාවක්ම සුදුසුකම් ලැබු දෙවැනි ක්‍රීඩකයා ඔහුය. ඊට පෙර මේ දස්කම පෑවේ සුපිරි ස්විට්සර්ලන්ත ක්‍රීඩක රොජර් ෆෙඩරර් පමණි.

‘රෝලන්ඞ් ගැරෝස් පිටියේ අවසන් තරගයකට නැවත එක්වීම සතුටක්. කැපවීමෙන් හා අසීරුවෙන් පුහුණුවීම්වල නිරත වුණේ නැතිනම් මට මේ අවස්ථාව මඟ හැරෙන්නට ඉඩ තිබුණා.‘ යැයි තරගයේ ජයග්‍රහණයෙන් පසුව නඩාල් එසේ පැවසීය.

 

- 077


අදහස් (0)

නඩාල් ප්‍රංශ ටෙනිස් කිරුළේ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.