Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නව තරග වාර්තා 24 ක්

නව තරග වාර්තා 24 ක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මයිලෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව 45 වන වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ තෙවන දිනය අවසානයේ නව තරග වාර්ථා 11 ක් පිහිටුවනු ලැබිණ.  මුල් දින දෙකේදී පිහිටවනු ලැබූ වාර්තා 13 සහ ඊයේ (8 වැනිදා) පිහිටුවන ලද නව වාර්තා 11ත් සමගින් මේ වනවිට මුඑ තරග වාර්තා 24 ක් පිහිටු වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සුගතදාස පිහිණුම් තටාකයේදී බදාදා (06) ආරම්භ වූ මෙම තරගාවලියේදී මේ වනවිට ලකුණු 390 ක් ලබා මහනුවර මහාමායා විද්‍යාලය කාන්තා අංශයේ පෙරමුණ ලබා සිටී. ලකුණු 426 ක් ලැබූ ශාන්ත ජෝශප් විද්‍යාලය පිරිමි අංශයේ පෙරමුණ ලබා ගනිද්දී ඒකාබද්ධ පාසල් කාණ්ඩයේ ලකුණු 191ක් ලැබූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල එම කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.  

ඊයේ (9 වැනිදා) පැවති තරගයන්හිදී ආනන්ද විද්‍යාලයේ එම්. එම් එක්නැලිගොඩ වයස 9න් පහළ මිටර 50 පසුපස ආර තරග ඉසව්වෙන් තත්පර 38.11 කින් සහ මිටර 200 කේවල මිශ්‍ර තරග ඉසව්ව විනාඩි 3:04.27 කින් අවසන් කරමින් නව තරග වාර්තා දෙකක් පිහිටුවනු ලැබීය.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නභාෂි පෙරේරාද අද සහභාගී වූ තරග ඉසව් දෙකෙන්ම නව තරග වාර්තා දෙකක් පිහිටුවමින් සිරිමාවූ විද්‍යාලයීය ලකුණු පුවරුව ඉහළ දමන ලදී.

 

තෙවන දිනයේ පිහිටවූ නව තරග වාර්තා

■    වයස 19 න් පහළ පිරිමි මිටර 400 කේවල මිශ්‍ර තරග ඉසව්වෙන් විනාඩි 5:09.82 කින් තරගය අවසන් කළ නාලන්දා විද්‍යාලයේ ඩිලන්ක ෂෙහාන් නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 9 න් පහළ කාන්තා මිටර 50 පසුපස ආර තරග ඉසව්වෙන් තත්පර 41.39 කින් තරගය අවසන් කළ කලුතර බාලිකා විද්‍යාලයේ වැන්දනී ප්‍රනාන්දු නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 9 න් පහළ පිරිමි මිටර 50 පසුපස ආර තරග ඉසව්වෙන් තත්පර 38.11 කින් තරගය අවසන් කළ ආනන්ද  විද්‍යාලයේ එම්.එම් එක්නැලිගොඩ නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■     වයස 13 න් පහළ කාන්තා මිටර 50 පසුපස ආර තරග ඉසව්වෙන් තත්පර 35.02 කින් තරගය අවසන් කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ  අකීත්මි වාසලතන්ත්‍රි නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 13 න් පහළ පිරිමි මිටර 50 පසුපස ආර තරග ඉසව්වෙන් තත්පර 31.55 කින් තරගය අවසන් කළ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වනූජ කන්නන්ගර නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 13 න් පහළ කාන්තා මිටර 100 සමනල ආර තරග ඉසව්වෙන් විනාඩි 1:11.32 කින් තරගය අවසන් කළ සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ නභාෂි පෙරේරා නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 9 න් පහළ කාන්තා මිටර 50 නිදහස් ආර තරග ඉසව්වෙන් තත්පර 34.82 කින් තරගය අවසන් කළ කලුතර බාලිකා  විද්‍යාලයේ වැන්දනී ප්‍රනාන්දු නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 11 න් පහළ බාලක මිටර 100 ළය ආර තරග ඉසව්වෙන් විනාඩි 1:26.75 කින් තරගය අවසන් කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දමිරු වික්‍රමතුංග නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 13 න් පහළ කාන්තා මිටර 100 ළය ආර තරග ඉසව්වෙන් විනාඩි 1:24.04 කින් තරගය අවසන් කළ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තිනායා ජයරත්න නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 9න් පහළ පිරිමි මිටර 200 කේවල මිශ්‍ර තරග ඉසව්වෙන් විනාඩි 3:04.27 කින් තරගය අවසන් කළ ආනන්ද විද්‍යාලයේ එම්.එම් එක්නැලිගොඩ නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.
■    වයස 13 පහළ කාන්තා මිටර 200 කේවල මිශ්‍ර තරග ඉසව්වෙන් විනාඩි 2:42.77 කින් තරගය අවසන් කළ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නභාෂි පෙරේරා නව තරග වාර්තාවක් පිහිටුවන ලදී.

45  වන පාසල් පිහිනුම් ශූරතාවලිය - 2018 
කණ්ඩායම් ලකුණු සටහන ( 2018 ජුනි 9 වැනිදා තෙක් )
කාන්තා පාසල් ලකුණු සටහන 
ස්ථානය  පාසල ලකුණු
1 මහනුවර මහාමායා විදුහල 390
2 කොළඹ විශාඛා විදුහල  358
3 කොළඹ කාන්තා විදුහල 174
4 කොළඹ මියුසියස් විදුහල  143
5 සිරිමාවෝ බණ්ඩාරනායක කාන්තා විදුහල 134
6 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල  127
7 ශාන්ත බ්‍රිගෙඩ් කන්‍යාරාමය  70
 
පිරිමි පාසල් ලකුණු සටහන 
ස්ථානය  පාසල  ලකුණු
1 කොළඹ  ශාන්ත ජෝශප් විදුහල 426
2 කොළඹ ආනන්ද විදුහල  263
3 කොළඹ රාජකීය විදුහල  209
4 මහනුවර ත්‍රිත්ව විදුහල  182
5 ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල 149
6 මහනුවර ධර්මරාජ විදුහල  135
7 කොළඹ නාලන්දා විදුහල  94.5
 
ඒකාබද්ධ පාසල් කණ්ඩායම් ලකුණු සටහන 
ස්ථානය  පාසල ලකුණු
1 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල 191
2 නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල 119.5
3 කොළඹ බ්‍රිතාන්‍ය පාසල 68
4 කොළඹ ගේට්වේ විදුහල 63
5 ආසියා ජාත්‍යන්තර පාසල  53
6 අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල  47
7 අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල  42

සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතාවලිය - තෙවන දිනයේ විශේෂ අවස්ථා...

 ඡායාරූප - ඉෂාන් සංජීව

- 024


අදහස් (0)

නව තරග වාර්තා 24 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.