Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිහි ඇනුමකට ලක්ව සිය වම් අත තුවාල කරගත් චෙක් රාජ්‍යයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා පෙට්රා ක්විටෝවා පළමුවරට ප්‍රධාන පෙලේ තරගාවලියකට එක්වෙමින් අද (28) ආරම්භ වන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.
ක්විටෝවාට මේ අකරතැබ්බය සිදුවූයේ පසුගිය දෙසැම්බර් මාසයේ 20 වැනිදා චෙක් රාජ්‍යයේ පිහිටි ඇගේ නිවසට ඇතුලුවූ මංකොල්ලකරුවකු සමග පොර බඳින්නට යාමේදීය. එහිදී ඇය ටෙනිස් පිත්ත හසුරුවන වම් අත බරපතල ලෙස තුවාලවී තිබූ අතර වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇයට නැවත කිසිදිනෙක ප්‍රධාන තලයේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට නොහැකිවනු ඇති බවයි. කෙසේ වෙතත් තුවාල වූ දිනයේ සිටම දැඩි ආත්ම ශක්තියකින් යුතුව කටයුතු කළ ක්විටෝවා නැවත ග්රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් පිටියේ ක්‍රීඩා කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් පසුවූවාය.
“මේ දවස උදාවෙනවා කියලා මම දැනගෙන හිටියා. මේක මගේ හීනයක් හැබෑ වීමක්” ඊයේ පෙරේදා රෝලන්ඞ් ගැරොස් පිටියේ පුහුණුවීම්වල නිරතවීමෙන් පසුව 27 හැවිරිදි මේ ක්‍රීඩිකාව කීවාය.
මීට පෙර දෙවරක් විම්බල්ඩන් ශූරතාව දිනා ඇති ක්විටෝවා 2012 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දී අවසන් පූර්ව වටයට සේන්දු වීමට සමත්වූවාය.
“ඇත්තම කියනවානම් මගේ අත තවම 100% ක් සනීප වෙලා නෑ. ඒත් අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොමවුණත් මට සතුටුයි ආපහු ටෙනිස් පිටියට එන්න පුලුවන්වීම ගැන”
“කවුරුවත් හිතුවේ නෑ මම ආපහු සෙල්ලම් කරන්න ඒවි කියලා. මටත් සමහර වෙලාවට එහෙම සැකයක් තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ ටික දවසක් යනකල් මට නින්ද ගියේ නෑ. ලොකු පීඩනයක් හිතේ තිබුණා. ඒත් අන්තිමේදී කොහොමහරි මට ඒක කරන්න පුලුවන් වුණා. ඇත්තටම ලොකු අභියෝගයක් මම ජයගත්තේ. මම කොහොමත් අභියෝගවලට කැමැතියි” ක්විටෝවා එසේ කීවේ ඉමහත් සතුටකිනි.
අනතුරට මුහුණ දීමෙන් පසුව සෑහෙන කලක් ක්‍රීඩා නොකළද ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල 15 වැනි තැන සිටින ක්විටෝවා අද රාත්‍රී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ සිය පළමු තරගයට එක්වන්නේ අමෙරිකාවේ ජුලියා බොසරොප් සමගිනි. එය මෙවර තරගාවලියේ පළමු තරගය ද වෙයි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.