Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පළමු අදියරේ ශූරයා සජිත්

පළමු අදියරේ ශූරයා සජිත්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගකරුවන්ගේ වේගයට සුළඟින් බාධා එල්ලවීමෙන් ප්‍රවීණ තරගකරුවන් ගණනාවක්ම පසුබෑමට ලක්වූ ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ තරගයේ ජය වරාය අධිකාරියේ ක්‍රීඩක සජිත් හසන්තට හිමිවිය. තරගය අද උදෑසන කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළින් ආරම්භ විය.

කොළඹ සිට පුත්තලම දක්වා අද පැවැති ගුවන් හමුදා පාපැදි සවාරියේ දුර කිලෝමීටර 125 ක් විය.

දිනයේ වේගවත්ම තරගකරුවාටද හිමි සම්මානය දිනා ගත් සජිත් හසන්ත හෙට දෙවැනි අදියර පැදයන්නේ තරගයේ එතෙක් ජයග්‍රාහකයාට හිමි කහ බැනියම මෙන්ම වේගවත්ම තරගකරුවාට හිමි කොළ පාට කමිසයද හිමිකර ගනිමිනි.

තරගකරුවන් 164 දෙනෙකු අතරින් එම මුළු දුර ගෙවා දමමින් පුත්තලම සිට හිඟුරන්ගොඩ දක්වා පැවැත්වෙන තරගයේ දෙවැනි අදියරට සුදුසුකම් ලබාගැනීමට ක්‍රීඩකයෝ 130 දෙනෙකු පමණ සමත් වූහ.

පළමු අදියර ජයගනිමින් කහ සහ කොළ බැනියම් දෙකම දිනාගත් සජිත් හසන්ත හෙට ධාවනයේ යෙදෙන්නේ පළමු අදියරේ ජයග්‍රාහකයාට හිමි කහ බැනියම පැළඳ ය. වේගවත්ම තරගකරුවාට හිමි කොළ පාට බැනියම පැළඳීමේ අවස්ථාව දෙවැනි ස්ථානය හිමිකර ගත් යුද හමුදා ක්‍රීඩක සුපුන් කුමාරට හිමි වේ.

අවිශ්ක මැඩොන්සා, චාමික පුෂ්පකුමාර ඇතුළු පළපුරුදු ක්‍රීඩකයන් ගණනාවක් සුළඟේ බාධාවන්ද හමුවේ ඊයේ අදියර ෂ තරගය නිමා කළේ පොකුරක් ලෙසටය. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවසුවේ සුළඟේ වේගය සැළකිල්ලට ගැනීමේදී තරගකරුවන්ගේ සාමාන්‍ය වේගය කිලෝමීටර 41 කට අඩු අගයක් ගත් බවයි.

එහෙත් එය මෙම මාර්ගයේ පෙර පැවැති රේසින් පාපැදි තරග හා සැසඳීමේදී වේගයෙහි අඩු අගයක් ගන්නා බවක් ඔහු පැවසීය.

ගුවන් හමුදා පාපැදි සවාරියේ (2017) සමස්ත තරගයේ ජයග්‍රාහකයා වූ ජීවන් ජයසිංහ ඊයේ පළමු අදියර තරගය පැවැත්වෙමින් තිබියදී අපහසු තත්ත්වයක් මැද ඉවත් විය. මේ අතර ඊයේ තරගයේ හය වැනි ස්ථානයට තරග අවසන් කළ මධුශාන් ද සිල්වා වයස 23 න් පහළ කාණ්ඩයේ හොඳම වේගය රඳවා ගත් ක්‍රීඩකයාට හිමි “සුදු බැනියම” දිනාගත්තේය.

තරගයේ දෙවැනි අදියර පුත්තලම නගරයේ අනුරාධපුර මාර්ගයට හැරෙන මංසන්ධියෙන් ආරම්භව හිඟුරන්ගොඩ නගරය දක්වා ගොස් අවසන් කෙරේ. ඒ කිලෝමීටර 165 ක දුරක් ගෙවා දමමිනි.

පුත්තලම, පාලවිය මංසන්ධියෙන් හෙට ගමන් අරඹන ගුවන් හමුදා පාපැදි සවාරිය එතැන් සිට කිලෝමීර හතකට ආසන්න දුරක් ප්‍රදර්ශන පැදයාමක නිරතවීමෙන් පසුව පුත්තලම අනුරාධපුරය මාර්ග හැරවුම අසළ සිට දෙවැනි අදියර තරගයට ප්‍රවේශ වේ.

කිලෝමීටර 150 ක දුරකින් සමන්විත මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවැනි සහ අවසන් අදියර පොළොන්නරුවේ සිට අම්පාර නගරය දක්වා පැමිණීමෙන් අවසන් වේ. එයින් මෙවර සමස්ත තරගයේ නිමාව ද සටහන් කෙරෙන අතර, ඒ අනුව මෙවර තරගයේ මුළු දුර කිලෝමීටර 440 කි.

කිලෝමීටර 65 ක් දුරැති කාන්තා තරගයද මඩකළපුව සිට අම්පාර දක්වා පැවැත්වීමට ගුවන් හමුදාව කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය 19 වැනි වතාවටත් සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයද සමරමිනි.

මෙවර තරගයේ ප්‍රධාන තරග විනිසුරු ලෙස මහේෂ් ධර්මසේන මහතා කටයුතු කරයි.


ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ප්‍රතිඵල


10 වැනි ස්ථානය දක්වා තරග නිමි කාලය සමාන විය. එය පැය 3 වි.00 තත්ත්පර 31 ක් විය.
1. සජිත් හසන්ත (වරාය අධිකාරිය)
2. සුපුන් කුමා (යුද හමුදාව)
3. සුධීර නිලංග (පොලිස්)
4. අසේන් තාරුක (ගුවන් හමුදාව)
5. නිශාන්ත පෙරේරා (දෙහිවල - ගල්කිස්ස)
6. මධුශාන්ද සිල්වා (දෙහිවල - ගල්කිස්ස)
7. නලින්ද අමිල කුමාර (නාවික හමුදාව)
8. ප්‍රියන්ත විජේසිංහ (දෙහිවල - ගල්කිස්ස)
9. දිනේෂ් ද සිල්වා (වරාය අධිකාරිය)
10. ඬේන් නුගේරා

 


අදහස් (0)

පළමු අදියරේ ශූරයා සජිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.