Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පළමු තරගයෙන් හර්ෂණට තියුණු ජයක්

පළමු තරගයෙන් හර්ෂණට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ හර්ෂණ ගොඩමාන්න සහ පිලිපීනයේ ජෝන් පැටි‍්‍රක් අතර අද (31 වැනිදා) පැවැති තරගයෙන් තරග වට 3-2 ක ලෙස හර්ෂණ ගොඩමාන්න තියුණු ජයක් අත්කරගත්තේය.

පළමු වටයෙන් ලකුණු 6/3 ක් ලෙස ජය ලබාගත් හර්ෂණ, දෙවැනි සහ තෙවැනි වට වලදී පැටි‍්‍රක් හමුවේ පිළිවෙළින් ලකුණු 6/7 ක් සහ 4/6 ක් ලෙස පරාජයට පත්විය. කෙසේ වුවත් සිව්වැනි සහ පස්වැනි තරග වට වලදී පිළිවෙළින් ලකුණු 6/2 සහ 6/3 ලෙස ජය වාර්තා කළ ඔහු, තරගයේ ජය තමන් සතු කරගැනීමට සමත් විය.  

අද සන්ධ්‍යාවේම පැවැති තවත් තරගයකින් ශ්‍රී ලංකාවේ අංක 1 ටෙනිස් කී‍්‍රඩක නිෂාංගන් නඩරාජා පරදවා තරග වට 3-0 ක් ලෙස ජයගැනීමට පිලිපීනයේ රූබන් ගොන්සාලේස් සමත්විය. එම තරගයේ ලකුණු සටහන් වූයේ 6/3, 6/3, 6/0 ලෙසිනි.

 


අදහස් (0)

පළමු තරගයෙන් හර්ෂණට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.