Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ප්‍රංශ විවෘත ශූරතාව 20 හැවිරිදි ජෙලීනාට

ප්‍රංශ විවෘත ශූරතාව 20 හැවිරිදි ජෙලීනාට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය අටවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගයට ක්‍රීඩා කළ ලැටිවියා රාජ්‍යයේ 20 හැවිරිදි ක්‍රීඩිකා ජෙලීනා ඔස්ටපෙන්කෝ වාර්තා පිට වාර්තා තබමින් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල කිරුළ දිනාගත්තාය. අවසන් මහා තරගයේදී ලකුණු 4-6 ක්, 6-4 ක් සහ 6-3 ක් ලෙස ඇය විසින් පරාජය කරනු ලැබුවේ මෙවර  කිරුළ ජයගනු ඇතැයි අනුමාන කළ රුමේනියාවේ සිමෝනා හැලේප්ය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් දිනූ පළමු ලැටිවියානු ක්‍රීඩිකාව ලෙස සිය රටෙහි අභිමානය ඉහළට ඔසවා තැබීමට ජෙලීනා සමත්වූවාය.

මෙවර තරගාවලියට පැමිණෙද්දී ඇය ශ්‍රේණිගත කිරීම්වල ළඟපාතවත් නොසිටි අතර එවැනි ක්‍රීඩිකාවක් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්විය. එපමණක් නොව වසර 1997 දී ක්‍රොඒෂියාවේ ඊවා මජෝලිගෙන් පසුව ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනූ ලාබාලතම ක්‍රීඩිකාව බවටද ඇය පත්වූවාය.

යොවුන් ක්‍රීඩිකාවක ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙන්ම එවැනි ක්‍රීඩිකාවක ප්‍රධාන තලයේ තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේද පළමු වරටය. එබැවින් රුමේනියාවේ 27 හැවිරිදි සිමෝනා හැලේප් මේ කෝඩුකාර ක්‍රීඩිකාව පරදවා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ අත්පත් කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටියාය. එහෙත් ජෙලීනා හමුවේ පරාජය වූයේ කෙලෙසදැයි ඇයට තවමත් සිතා ගත නොහැකිය.

2014 දී අවසන් මහා තරගයේදී ඇය වෙතින් මේ කිරුළ ගිලිහී ගියේ රුසියාවේ මරියා ෂරපෝවා හමුවේ පරාජය වීම නිසාය. ඊයේ ඇයට කිරුළ හිමිවූවානම් අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය ද ඇයට හිමිවනු ඇත.

‘මම ප්‍රංශ කිරුළ දිනලා. මට තාමත් හිතාගන්න බෑ. අවුරුදු 20දී මේ වගේ ගෞරවයක්...පුදුමයි.‘ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ජෙලීනා රෝලන්ඞ් ගැරොස් පිටියේදී එසේ කීවාය.


- 077

 


අදහස් (0)

ප්‍රංශ විවෘත ශූරතාව 20 හැවිරිදි ජෙලීනාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.