Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පාකිස්තානුවන් පරදා ශී‍්‍ර ලාංකිකයන් අවසන් තරගයේ

පාකිස්තානුවන් පරදා ශී‍්‍ර ලාංකිකයන් අවසන් තරගයේ

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි යුගළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සංඛ අතුකෝරල සහ රජීව් රාජපක්ෂත්, දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රමත් අද (21 වැනිදා) සමත්වූහ.

අද පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී රොහාන් ද සිල්වා සහ දිල්වර් හුසේන් පරාජය කරමින් සංඛ අතුකෝරාල සහ රජීව් රාජපක්ෂ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ් ජයවික‍්‍රම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී පාකිස්තානු කී‍්‍රඩකයන් දෙදෙනකු වන හීරා ආශික් සහ තන්වීර් ආශික් පරාජය කරමිනි.

විවෘත අංශයේ කාන්තා යුගල අවසන් මහ තරගය සඳහා තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහත්, හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරියත් තේරී පත්වූහ.

තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ අද පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී ශලිනි ද සිල්වා සහ පසුගිය වසරේ විවෘත කාන්තා අංශයේ ශුරිය බවට පත්වූ අම්රිතා මුත්තයියා පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ කේමාලි හේරත් පරාජය කරමිනි.


විවෘත (පිරිමි) යුගළ - අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල

  • සංඛ අතුකෝරාල සහ රජීව් රාජපක්ෂ විසින් තරග වට 3-0 ක් ලෙස රොහාන් ද සිල්වා සහ දිල්වර් හුසේන් පරාජය කරන ලදහ. (6/4, 6/7, 6/4)
  • දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රම විසින් තරග වට 3-1 ක් ලෙස හීරා ආශික් සහ තන්වීර් ආශික් පරාජය කරන ලදහ. (5/7, 6/4, 6/4, 7/5)


විවෘත අංශයේ කාන්තා යුගල අවසන් පූර්ව තරගයේ ප‍්‍රතිඵල

  • තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙස ශලිනි ද සිල්වා සහ අම්රිතා මුත්තයියා පරාජය කරන ලදහ.. (7/5, 4/6, 6/3)
  • හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2-1 ක් ලෙස රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ කේමාලි හේරත් පරාජය කරන ලදහ. (4/6, 6/4, 6/2)

 


අදහස් (0)

පාකිස්තානුවන් පරදා ශී‍්‍ර ලාංකිකයන් අවසන් තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.