Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට තරග වදින දෙපාර්ශවයන් අතර උද්ගත වූ බව කියන ගැටුම්කාරී තත්ත්වයක් නිසා ලබන නොවැම්බර් 16 වැනිදාට කැඳවා තිබූ එහි නිලවරණය යළිත් අත්හිටුවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
පාපැදි සම්මේලනයේ නිලවරණය කලින් පැවැත්වීමට යොදාගෙන තිබුණේ ලබන මස නොවැම්බර් 12 වැනිදාය. එහෙත් ඒ සඳහා සහභාගි කරගන්නා ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය අවසන් තීරණයක් ගන්නාතුරු එය නැවත ලබන නොවැම්බර් 16 වැනිදාට කල් දැමීමට සිදුවිය.
පාපැදි නිලවරණය නැවත කල් දැමීමට තුඩු දුන් අළුත්ම සිදුවීම වන්නේ නිලවරණයට තරග වදින ප්‍රධාන පාර්ශව දෙකක් ඒ සඳහා සහභාගි කර ගන්නා දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් එකිනෙකාට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයට විරෝධතා ගොනු කිරීමයි.
ඒ අනුව පෙරේදා (25) ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මුණගැසී තිබෙන එක් පාර්ශවයක් මෙවර පාපැදි නිලවරණයේදී ඡන්ද බලය ලබාදී තිබෙන දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ කීපයකට එරෙහිව විරෝධතා බාරදී තිබේ.
මෙවර පාපැදි නිලවරණයේදී ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් පිළිබඳව අවසන් තීරණය ලබා දුන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා නිර්දේශ කළ ක්‍රීඩා සමාජ නාම ලේඛනයට දැඩි ලෙස විරෝධය පළ කර තිබෙන එම පාර්ශවය එම නාම ලේඛනයේ බෝඞ් ලෑලිවලට පමණක් සීමාවී තිබෙන ක්‍රීඩා සමාජ කීපයක් නිලවරණයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එම ඉල්ලීම පිළිබඳව සළකා බැලූ ක්‍රීඩා ඇමැතිවරයා පාපැදි සම්මේලනයේ නිලවරණයට සහභාගි කරගන්නා ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් නාම ලේඛනය නැවත පරීක්ෂා කර තීරණයක් ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක මිල්ටන් අමරසිංහ මහතා පත්කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින්ම සිය තීරණය දැනුම් දෙන ලෙස එහිදී ක්‍රීඩා ඇමැතිවරයා අමරසිංහ මහතාට උපදෙස් දුන් බවද වාර්තා වේ.
තත්ත්වය එසේ තිබියදී පාපැදි සම්මේලනයේ නිලවරණයට තරග වදින තවත් පාර්ශ්වයක් ඊයේ (26) දහවල් ක්‍රීඩා අමාත්‍යාංශයට ගොස් ක්‍රීඩා ඇමැතිවරයාගේ තීරණයට දැඩි ලෙස විරෝධය පළ කරමින් තවත් විරෝධතාවයක් බාරදී තිබේ. එම අවස්ථාවේදී ක්‍රීඩා ඇමැතිවරයා අමාත්‍යාංශයේ නොසිටි බවද වාර්තා වේ.
ඊයේ විරෝධතාවය බාර දුන් පිරිසේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ද සිටි බවද වැඩිදුරටත් වාර්තා වේ. එහිදී නිලවරණයේදී ක්‍රීඩා සමාජ නාම ලේඛනය නැවත පරික්ෂා කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයට පාපැදි සභාපතිවරයා දැඩි ලෙස විරෝධය පළකර සිටි බවද දැනගන්නට ඇත.
කෙසේ වුවත් නාම යෝජනා බාර ගැනීම ඊයේ අවසන් කිරීමට නියමිතව තිබුණත් උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ එම නාම යෝජනා බාර ගැනීම ලබන නොවැම්බර් 9 වැනිදා දක්වා කල් දැමීමත් සමග නොවැම්බර් 16 වෙනිදාට කැඳවා තිබූ පාපැදි සම්මේලනයේ නිලවරණය නැවත කල් දැමීමට සිදුව තිබේ.
ගම්පහ, කළුතර, කොළඹ යන දිස්ත්‍රික් පාපැදි සංගම් හි හා තවත් ක්‍රීඩා සමාජ කීපයකට මෙවර නිලවරණය ඡන්ද බලය ප්‍රදානය කිරීමේදී එහි නීත්‍යානුකූල පාර්ශව තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී තවදුරටත් ගැටලු පැන නැගීම මෙම අළුත්ම අර්බුදයට හේතු වී තිබේ.
මේ අතර එළඹෙන පාපැදි නිලවරණයේදී සභාපති ධුරයට වත්මන් සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හා අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා නාම යෝජනා බාරදී තිබේ. ඒ අතර හිටපු භාණ්ඩාගාරිකවරයෙකු වන ඩී.එම්.එම්. බණ්ඩාර මහතා ද සභාපති ධුරයට නාම යෝජනා බාරදී ඇතැයි වාර්තා වේ.
ප්‍රධාන ලේකම් ධුරයට දෙපාර්ශවයෙන් සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත පියසේන හා වත්මන් උපසභාපතිවරයකු වන නිහාල් කුලසේකර යන මහත්වරුද භාණ්ඩාගාරික ධුරයට වත්මන් උපසභාපතිවරයෙකු වන සේනක රණසිංහ හා මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සූරියාන් යන මහත්වරුන් ද නාමයෝජනා බාරදී තිබූ බව ඊයේ වාර්තා විය.
ඒ අතර පොලිස් අධිකාරි ප්‍රශාන් ද සිල්වා මහතා එන්. කරුණාරත්න පාර්ශවයෙන් උපසභාපති ධුරයකට නාම යෝජනා බාරදී තිබීමද මෙවර පාපැදි නිලවරණයේදී තවත් අවධානයට යොමුවූ පුවතක් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.