Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පුත්තලම - යාපනය පැසිපන්දු ශූරතා දිනයි

පුත්තලම - යාපනය පැසිපන්දු ශූරතා දිනයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පැසිපන්දු ඉසව්වේ පිරිමි ශූරතාව දිනාගැනීමට පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමත්, කාන්තා ශූරතාව දිනාගැනීමට යාපනය දිස්ත්‍රික් කණ්ඩායමත් සමත් විය.

පිරිමි අවසන් මහ තරගයේදී ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම සහ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම තරග වැදුණු අතර එහිදී ලකුණු 55/36 ක් ලෙස ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කිරීමට පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. එහි තෙවැනි ස්ථානය මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.

කාන්තා අවසන් මහ තරගයේදී ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කිරීමට යාපනය දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූයේ ලකුණු 54/31 ක් ලෙසනි. ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම එහි තෙවැනි ස්ථානය හිමි කරගත්තේය.

ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරග ඉකුත්දා අම්බලන්ගොඩ ධර්මාශෝක මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී සහ කුලරත්න මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 


අදහස් (0)

පුත්තලම - යාපනය පැසිපන්දු ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.