Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පෙර සුදුසුකම් ලැබීමේ වටයේ ජය ශ්‍රී ලංකාවට

පෙර සුදුසුකම් ලැබීමේ වටයේ ජය ශ්‍රී ලංකාවට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී.එන්.පී පරිබාස් කනිෂ්ඨ (අවුරුදු 16 න් පහළ) ෆෙඩ් කුසලාන ටෙනිස් තරගාවලියේ (ආසියා ශාන්තිකර කළාපීය) පෙර සුදුසුකම් ලැබීමේ වටයේ ශූරතාව දිනාගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ශ්‍රී ලංකාව එම ශූරතාවට හිමිකම් කීවේය.

අවසන් මහ තරගය කේවල 2 කින් සහ යුගළ තරගයකින් සමන්විත වුවද, කේවල තරග 2 ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම නිසා යුගළ තරග අත්හැර දැමීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ටි්‍රෂා මුලානි පරාජය කිරීමට සවිනි ජයසූරිය සමත් වූ අතර දෙවැනි කේවල තරගයේදී වට 2-1 ක් ලෙස ජොලී යිමින් ගෝ පරාජය කිරීමට අංජලිකා කුරේරා සමත් වූවාය.

‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී මාලදිවයින තරග 3-0 ක් ලෙසද, වියට්නාමය තරග 3-0 ක් ලෙසද පරාජය කරමින් ‘ඒ’ කාණ්ඩයේ පළමුවැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුසකම් ලැබීය.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා බවට පත්වූ තායිලන්තයයි. එහිදී කිසිදු අපහසුතාවකින් තොරව තායිලන්තයට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


අවසන් පූර්ව තරගයේ ප්‍රතිඵලය

■    සවිනි ජයසූරිය (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මාරියා පැට්‍රීෂියා (තායිලන්තය) පරාජය කරන ලදි. (6/2, 6/1)
■    අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ඇමැන්ඩා ගැබී්‍රලී (තායිලන්තය) පරාජය කරන ලදි. (6/0, 6/0)
■    සවිනි ජයසූරිය සහ ඔනෙලි පෙරේරා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ඇන්ජලිකා ඇල්කලා සහ ඇමැන්ඩා ගැබී්‍රලී (තායිලන්තය) පරාජය කරන ලදහ. (6/1, 6/1)


අවසන් තරගයේ ප්‍රතිඵලය

■    සවිනි ජයසූරිය (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ට්‍රිෂා මුලානි (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (6/2, 6/2)
■    අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ජොලී යිමින් ගෝ (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (7/5, 4/6, 6/2)

 

 


අදහස් (0)

පෙර සුදුසුකම් ලැබීමේ වටයේ ජය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.