Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ලෝක බොක්සිං ශූරතාවලියට සහභාගි වීම සඳහා කී‍්‍රඩකයන් 5 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කණ්ඩායමක් අද (11 වැනිදා) රාති‍්‍රයේ කසක්ස්තානය බලා පිටත්ව යයි.
ලෝක බොක්සිං ශූරතාවලිය මේ මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා කසක්ස්තානයේ විශාලතම නගරය වන අල්මති නුවරදී පැවැත්වේ. අන්තර්ජාතික බොක්සිං තරග දින දර්ශනයේ වැදගත්ම තරගාවලිය වන මෙම තරගාවලියේදී වයස 19 සිට 40 දක්වා වන ලෝකයේ දක්‍ෂතම කී‍්‍රඩකයෝ බර පන්ති 10 ක් යටතේ තරග වදිති. ඒ ඒ වයස් කාණ්ඩයන්හි ජයග‍්‍රාහකයෝ ලෝක ශූරයන් වශයෙන් අබිසෙස් ලබනු ඇත.
කසක්ස්තානයේ අල්මති නුවර දක්වා ඊයේ (11 වැනිදා) පිටත්ව ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පී. ඞී. සුරේෂ් (කි. ග‍්‍රෑ. 52), ගයාන් ජයවීර (කි. ග‍්‍රෑ. 56), සිසිර කුමාරසිංහ (කි. ග‍්‍රෑ. 60) සහ රොෂාන් මධුශංක (කි. ග‍්‍රෑ. 75) ඇතුළත් වූහ. අල්මති නුවරදී විශේෂ පුහුණුවක් ලද තවත් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයකු වන මලිත් ප‍්‍රභාෂ්වර (කි. ග‍්‍රෑ. 49) ද මෙම තරගාවලියේදී තරග කිරීමට නියමිතය. පුහුණුකරු වශයෙන් අමිල අරවින්ද මහතාද කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතාද මෙම සංචාරයට එක්වෙති.
කි. ග‍්‍රෑ. 52 බර පන්තියෙන් තරග කරන පී. ඞී. සුරේෂ් මෙන්ම ගයාන් ජයවීරද ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටිති. රොෂාන් මධුෂංක කැෂුවලයින් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්ව සිටින අතර සිසිර කුමාරසිංහ නාවික හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරයි.
බොක්සිං කී‍්‍රඩාව ඉතාමත් ජනපි‍්‍රයත්වයක් උසුලන කසක්ස්තානයේ අගනුවර වන අල්මති නගරය කේන්ද්‍ර කරගනිමින් බොක්සිං කී‍්‍රඩාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ගණනාවක්ම අන්තර්ජාතික බොක්සිං සංගමය කි‍්‍රයාත්මක කරයි.
‘අල්මති වෙත ගමන’ යනුවෙන් හැඳින්වෙන එවන් වැඩසටහනක ප‍්‍රතිඵලයක් වශයෙන් අල්මතිහිදී සති දෙකක පුහුණුවක් ලද මලිත් ප‍්‍රභාෂ්වර ලෝක ශුරතාවලියට එක්ව සිටී. මලිත්ද ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.