Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති 89 වැනි ජාතික බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවත්, සමස්ත කාන්තා ශූරතාව දිනාගැනීමට මාස් සදර්න් කී‍්‍රඩා සමාජයත් සමත්වූහ. එහිදී ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එම්. මලිත් ප‍්‍රභාෂ්වර තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා ලෙසින් සම්මාන ලැබීය.
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල්ලයින් වැනි කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගීවූහ.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුන යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ දිනිඳු සපරමාදු සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතියෙන් තරග වැදුන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ උදයංගනී කෞෂල්‍යා සම්මාන ලැබුවාය.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුන ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ජී. එස්. කුමාරසිංහ තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුන මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ කේ. ජී. උදයංගනී දක්ෂතම පරාජිකාව ලෙසත් තේරීපත්වූහ.
කලක් බොක්සිං වළල්ලෙන් ඉවත්ව සිටි ප‍්‍රවීන බොක්සිං කී‍්‍රඩකයන් දෙදෙනකු වන මංජු වන්නිආරච්චි සහ අනුරුද්ධ රත්නායකද මෙවර තරගාවලියට සහාගීවූහ.
එහිදී මංජු වන්නිආරච්චිට සහභාගීවූ බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා වූ තරගකදී ලෙස පරාජයට පත්වීම හේතුවෙන් මංජුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
කෙසේ වෙතත් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතියෙන් තරගාවලියට එක්වූ අනුරුද්ධ රත්නායක නිතරගයෙන් එම බර පංතියේ රන් පදක්කම දිනාගත්තේ ඔහුගේ ප‍්‍රතිවාදියාවූ ඒ. පී. මදුසංක අවසන් පූර්ව වටයේදී තුවාල ලබා, අවසන් තරගයට සහභාගී නොවීම හේතුවෙනි.
ලබන වසරේ ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට සහභාගීවන ශ‍්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරාගැනීමේ කටයුතුද මෙම තරගාවලියට සමගාමීව පැවැත්විණ.
පිරිමි තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
ආර්. පී. ධර්මසේන (යුද හමුදාව) විසින් ජී. ඊ. මදුෂාන් (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
අනුරුද්ධ රත්නායක (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. පී. මදුසංක පරාජය කරන ලදී.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එච්. එස්. ධනුෂ්ක (ගුවන් හමුදාව) පරාජය කරන ලදී.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
පී. වී. සපරමාදු (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) පරාජය කරන ලදී.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
සී. ඒ. ජයලත් (යුද හමුදාව) විසින් ඞී. විජේරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඒ. අයි. රාජපක්ෂ (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් පී. ආර්. කුමාර (නාවික හමුදාව) පරාජය කරන ලදී.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
එස්. නවරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එම්. ඒ. දිවාරත්න (යුද හමුදාව) පරාජය කරන ලදී.
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් ඒ. පී. පී. චන්ද්‍රකුමාර (යුද හමුදාව) පරාජය කරන ලදී.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
එන්. ඒ. සම්පත් (නාවික හමුදාව) විසින් එන්. එන්. ජයවීර (යුද හමුදාව) පරාජය කරන ලදී.
සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
බී. ඊ. තිලකරත්න (යුද හමුදාව) විසින් අයි. පී. බී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
ඒ. ඞී. ජයසිංහ (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් බී. ඒ. පුෂ්පකුමාරි (සිලූවේටා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
අනුෂා කොඩිතුවක්කු (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් කේ. එච්. ද සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
විදුශිකා ප‍්‍රබාධි (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් බී. එන්. එරන්දි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
ඒ. ඞී. ධර්මතිලක (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් සෙව්වන්දි තල්ගස්පිටිය (ලීනියා කී‍්‍රඩා සමාජය) ජය කරන ලදී.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ඒ. කේ. හංසිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් කේ. ජී. උදයංගනී (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
එල්. යූ. කෞෂල්‍යා (ගුවන් හමුදාව) විසින් ආර්. එස්. දිලිනි (තුරුලිය කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජී. එච්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඞී. එම්. චන්ද්‍රරත්න (පොලිසිය) පරාජය කරන ලදී.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් ඒ. ඒ. නිලන්ති (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් ඩබ්. ඒ. උමේෂා (පොලසිය) පරාජය කරන ලදී.
(ඡායාරෑප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.