Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මධ්‍යම - දකුණු පළාත් මේස පන්දු ශූරතා දිනති

මධ්‍යම - දකුණු පළාත් මේස පන්දු ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


කී‍්‍රඩා අමාත්‍යංශය සංවිධානය කරන 41 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ මේස පන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය. දකුණු පළාත් කණ්ඩායම එහි කාන්තා ශූරතාව දිනාගත්තේය.

පිරිමි සම අනුශූරතාව බස්නාහිර පළාතට සහ දකුණු පළාතට හිමි වූ අතර කාන්තා අනුශූරතාව වයඹ පළාතට හිමිවිය.

තරග වට 3-0 ක් ලෙස බස්නාහිර පළාතේ රොහාන් සිරිසේන පරාජය කරමින් පිරිමි කේවල ශූරකාව දිනාගත් මධ්‍යම පළාතේ උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

දකුණු පළාතේ ඉෂාරා මධුරංගි තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී තරග වට 3-1 ලෙස මධ්‍යම පළාතේ රිද්මි කරදනාරච්චි පරාජය කරමිනි. කණ්ඩායම් තරග 2 ක් ද පැවැති අතර ඉන් පිරිමි තරගයේ ජය මධ්‍යම පළාතටද, කාන්තා තරගයේ ජය දකුණු පළාතටද හිමි විය.

මධ්‍යම පළාත් කණ්ඩායමට උදය රණසිංහ, නිර්මල ජයසිංහ, ප‍්‍රසාද් ද සිල්වා, සී. පී. ලියනගේ සහ පී. ඞී. යූ. තෙන්නකෝන් යන කී‍්‍රඩකයන් ඇතුළත් වූ අතර ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන, මුතුමාලි පි‍්‍රයදර්ශනී, ඉමාෂා ද සිල්වා සහ ටී. ශෂිනි යන කී‍්‍රඩිකාවෝ දකුණු පළාත් කණ්ඩායම නියෝජය කළහ.

 


තරග ප‍්‍රතිඵල

පිරිමි කේවල
උදය රණසිංහ (මධ්‍යම පළාත) විසින් තරග වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන (බස්නාහිර පළාත) පරාජය කරන ලදි.

කාන්තා කේවල
ඉෂාරා මධුරංගි (දකුණු පළාත) විසින් තරග වට 3-1 ක් ලෙස රිද්මි කරදනාරච්චි (මධ්‍යම පළාත) පරාජය කරන ලදි.

පිරිමි යුගළ
උදය රණසිංහ සහ නිර්මල ජයසිංහ (මධ්‍යම පළාත) විසින් තරග වට 3-1 ක් ලෙස චමීර ගිණිගේ සහ සුපුන වරුසවිතාන (දකුණු පළාත) පරාජය කරන ලදහ.
 

කාන්තා යුගළ
බුද්දීපනී ජයගුරු සහ කාවින්දි සහබන්දු (වයඹ පළාත) විසින් තරග වට 3-2 ක් ලෙස හංසනී පියුමිලා සහ රුවිනි කන්නංගර (බස්නාහිර පළාත) පරාජය කරන ලදහ.

මිශ‍්‍ර යුගළ
චමීර ගිණිගේ සහ ඉෂාරා මධුරංගි (දකුණු පළාත) විසින් තරග වට 3-1 ක් ලෙස සජිත් කාවින්ද සහ හංසනී පියුමිලා (බස්නාහිර පළාත) පරාජය කරන ලදහ.


පිරිමි කණ්ඩායම්
මධ්‍යම පළාත් කණ්ඩායම විසින් තරග වට 3-1 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම පරාජය කරන ලදි.

කාන්තා කණ්ඩායම්
දකුණු පළාත් කණ්ඩායම විසින් තරග වට 3-1 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම පරාජය කරන ලදි.

 


අදහස් (0)

මධ්‍යම - දකුණු පළාත් මේස පන්දු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.