Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මධ්‍යම පළාත ශූරතාව දිනයි

මධ්‍යම පළාත ශූරතාව දිනයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මේසපන්දු තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගත් මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පිරිමි කේවල, පිරිමි යුගළ සහ පිරිමි කණ්ඩායම් ඉසව්හි රන් පදක්කම් දිනාගනිමින් ඔවුහු සමස්ත ශූරතාවට හිමිකම් කීහ. 

තරගාවලියේ සමස්ත අනු ශූරතාව හිමිකර ගැනීමට රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් දකුණු පළාත් කණ්ඩායම සමත් විය. රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්විය. 

මධ්‍යම පළාතට පිරිමි කේවල සහ පිරිමි යුගල (නිර්මල ජයසිංහ සමග එක්ව) රන් පදක්කම් දිනාදුන් උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. ඉෂාරා මධුරංගි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ දකුණු පළාතට කාන්තා කේවල සහ කාන්තා යුගල (නුවනි නවෝද්‍යා සමග එක්ව) රන් පදක්කම් දිනා දෙමිනි. 

පිරිමි කණ්ඩායම් තරගයේදී දකුණු පළාත් කණ්ඩායම පරාජය කිරීමට මධ්‍යම පළාත් ක්‍රීඩකයෝ සමත් වූ අතර කාන්තා කණ්ඩායම් තරගයේදී දකුණු පළාත් කණ්ඩායම පරාජය කිරීමට බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
ශූරතාව - උදය රණසිංහ (මධ්‍යම පළාත) 
අනු ශූරතාව - රොහාන් සිරිසේන (බස්නාහිර පළාත) 

පිරිමි යුගල 
ශූරතාව - උදය රණසිංහ සහ නිර්මල ජයසිංහ (මධ්‍යම පළාත) 
අනු ශූරතාව - චමීර ගිණිගේ සහ සුපුන වරුසවිතාන (දකුණු පළාත) 

කාන්තා කේවල 
ශූරතාව - ඉෂාරා මධුරංගි (දකුණු පළාත) 
අනු ශූරතාව - හංසනී පියුමිලා (බස්නාහිර පළාත) 

කාන්තා යුගල 
ශූරතාව - ඉෂාරා මධුරංගි සහ නුවනි නවෝද්‍යා (දකුණු පළාත) 
අනු ශූරතාව - හංසනී පියුමිලා සහ ජිතාරා වර්ණකුළසූරිය (බස්නාහිර පළාත) 

මිශ්‍ර යුගල 
ශූරතාව - රොහාන් සිරිසේන සහ හංසනී පියුමිලා (බස්නාහිර පළාත) 
අනු ශූරතාව - චමීර ගිණිගේ සහ ඉෂාරා මධුරංගි (දකුණු පළාත) 

පිරිමි කණ්ඩායම් 
ශූරතාව - මධ්‍යම පළාත 
අනු ශූරතාව - දකුණු පළාත 


කාන්තා කණ්ඩායම් 
ශූරතාව - බස්නාහිර පළාත 
අනු ශූරතාව - දකුණු පළාත 

 මධ්‍යම පළාත් කණ්ඩායම

දකුණු පළාත් කණ්ඩායම

 


අදහස් (0)

මධ්‍යම පළාත ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.