Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මරේ - කොන්ටා ශූරතාවට ළංවෙති

මරේ - කොන්ටා ශූරතාවට ළංවෙති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

630

 

වසර 1977 න් පසුව ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියකදී බි‍්‍රතාන්‍ය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දෙදෙනකු කේවල අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ ගෞරවය අත්කර ගැනීමට ජොහානා කොන්ටා සහ ඇන්ඩි මරේ සමත් වූහ. මෙල්බර්න් නුවර පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ 9 වැනි දිනය වන අද ඔව්හු මේ හපන්කම කළහ.

මෙවර තරගාවලියේ සිය ජයග‍්‍රාහී ගමන් මගේ තවත් පියවරක් ඉදිරියට තැබූ කොන්ටා සිය අර්ධ අවසන් පූර්ව තරගයේදී  චීනයේ ෂැං ෂුයි ලකුණු 6-4 ක් සහ 6-1 කින් පරාජයට පත් කළ අතර බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන තීරණාත්මක ඊළග වටයේ දී ජර්මනියේ ඇන්ජෙලික් කර්බර් සමග තරග වැදීමට නියමිතය.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 133 වැනි සිටින චීන කී‍්‍රඩිකාව පරාජය කිරීමට කෝන්ටාට පැයකුත් මිනිත්තු 22ක කාලයක් ගතවිය.

කර්බර් අවසන් පූර්ව තරග වටයට පිවිසීයේ බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරන්කා හමුවේ ලකුණු 6-3 ක් සහ 7-5 ක විස්මිත ජයක් වාර්තා කරමිනි.

fffff

ඇසරන්කා ලෙහෙසි පහසු කී‍්‍රඩිකාවක් නොවේ. ඇය සෙරීනා විලියම්ස් සමග අවසන් මහ තරගයේදී තරග කරනු ඇතැයි කාගෙත් බලාපොරොත්තුව බවට පත්ව වී තිබිණ.

මේ අතර ඇන්ඩි මරේ හයවැනි වරටත්  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරග බිමේ අවසන් පූර්ව වටයට සේන්දු වූයේ ස්පාඤ්ඤයේ ඬේවිඞ් ෆෙඩරර් ලකුණු 6-3 ක්, 6-7 ක්, 6-2 ක් සහ 6-3 ක් ලෙස පරාජය කරමිනි. මරේ සිය ප‍්‍රතිවාදියා පරාජය කළේ පැය තුනකුත් මිනිත්තු 49 කට පසුවය.

මේ ස්කොට්ලන්ත ජාතිකයා ලබන සිකුරාදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී කැනඩාවේ මිලොස් රොනික් සමග තරග වැදීමට නියමිතය. රොනික් අවසන් පූර්ව වටයට පිවිසියේ අද පැවැති අවසන් අර්ධ අවසන් පූර්ව තරගයෙන්  ප‍්‍රංශයේ ගයිල් මොනොෆිල්ස් ලකුණු 6-3 ක්, 3-6 ක්, 6-3 ක් සහ 6-4 ක් ලෙස පරාජය කරමිනි.

බි‍්‍රතාන්‍ය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වන මරේ සහ කොන්ටා අවසන් පූර්ව වටයට එක්වූයේ මීට වසර 39 කට පෙර සූ බාකර් සහ ජෝන් ලොයිඞ් ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුවය.

”මං මේ තරගයේදී වැඩි දෙයක් කළේ නම් නෑ. මට  ඕන කළේ උපරිම අයුරින් කී‍්‍රඩා කරන්නයි. කොහොමවුණත් මේක මගේ හීනයක් සැබෑවීමක්.” තරගයෙන් පසුව කොන්ටා මාධ්‍යවේදින්ට එසේ කීවාය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් සමග ඇය දැනටමත් අඩුම තරමින් පවුම් 370,000කට හිමිකම් කියන අතර ලොව හොඳම ටෙනිස් කී‍්‍රඩිකාවන් 30 දෙනා අතරට යාමේ අවස්ථාව ද උදාකරගෙන සිටින්නීය.


- 077

 


අදහස් (0)

මරේ - කොන්ටා ශූරතාවට ළංවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.