Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මරේ සොහොයුරෝ බලාපොරොත්තු පොදිබඳිති

මරේ සොහොයුරෝ බලාපොරොත්තු පොදිබඳිති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

6666

 

වසර 39කට පසුව බි‍්‍රතාන්‍ය ජාතික කී‍්‍රඩකයකුට සහ කී‍්‍රඩිකාවකට එකවර  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දොරටු විවර කරමින් අද අටවැනි දිනය නිමාවට පත්විය.

ඒ අතරින් වැඩිම අවධානයකට ලක්වූ ජොහානා කොන්ටා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ මාගරට් කෝට් පිටියේ දී රුසියාවේ එකටේරිනා මැකරෝවා ලකුණු 4-6 ක්, 6-4 ක් සහ 8-6 ක් ලෙස පරාජයට පත් කරමිනි. එය බි‍්‍රතාන්‍ය කී‍්‍රඩිකාවක් වසර 32 කට පසුව ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක අවසන් අට දෙනා අතරට එක්වූ පළමු අවස්ථාව ලෙසත් වාර්තාපොත අලූත් කළේය.

බි‍්‍රතාන්‍ය වෙනුවෙන් අවසන් වරට ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක අවසන් අටට ගිය කී‍්‍රඩිකාව වූයේ 1984 විම්බල්ඩන් ශූරතාවලියේ දී ජෝ ඩුරීය.

දැනට ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල  47 වැනි තැන පසුවන 24 හැවිරිදි කොන්ටා අර්ධ අවසන් පූර්ව වටයේදී චීනයේ ෂුයි ෂැං සමග තරග වැදීමට නියමිතය. අවසන් අටට යාමට පැය 3 කුත්, මිනිත්තු 4 ක් සටන් කළ කොන්ටා කියා සිටියේ එය මානසිකවත් කායිකවත් දැඩි පිරිහීමකට පත්වූ තරගයක් බවය.

කෙසේවුවත් ඇය තවමත් සිටින්නේ මේ ජයග‍්‍රහණය අදහාගත නොහැකිවය.
ඇගේ වාර්තාව තවත් වර්ණවත් කළ ඇන්ඩි මරේ අවසන් අට දෙනා අතරට එක්වූයේ රොඞ් ලීවර් පිටියේදී ඕස්ටේ‍්‍රලියාවේම බර්නාඞ් ටොමික් ලකුණු 6-4 ක්, 6-4 ක් සහ 7-6 ක් ලෙස පරාජයට පත්කරමිනි. අවසන් වරට ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් වටයට බි‍්‍රතාන්‍ය කී‍්‍රඩකයකු මෙන්ම කී‍්‍රඩිකාවක් ද එක්වූයේ 1977 දීය. එවර සූ බාකර් සමග රොබින් ඩ‍්‍රයිස්ඬේල් සහ ජෝන් ලොයිඞ් දෙදෙනාම අවසන් අටට ගියහ.

ඇන්ඩි මරේගේ මේ ජයග‍්‍රහණය වාර්තා වූයේ ඔහුගේ මාමණ්ඩිය වන නයිජල් සියර්ස් රෝහල්ගතකොට පැය 24 ක් ගතවීමටත් පෙරය. සුපිරි ටෙනිස් කී‍්‍රඩිකා ඇනා ඉවනෝවික්ගේ පුහුණුකරු ද වන සියර්ස් පසුගිය සෙනසුරාදා රෝහල් ගත කළේ රොඞ් ලීවර් පිටියේ ඇගේ තුන්වැනි වටයේ තරගය අතරතුර දී හදිසියේ බිම ඇද වැටීම නිසාය.

ඔහු පිට පිට මෙල්බර්න් හී අර්ධ අවසන් පූර්ව වටයට එක්වූ 7 වැනි අවස්ථාව මෙය වන අතර අවසන් මහා තරග 4 කදී පරාජයට පත්වී සිටී. කෙසේවුවත් මෙවර තරගාවලියේ දී පෙර වැරැදි සිදු නොකිරිමට වග බලාගන්නා බව මරේ අද කීවේය.

මේ අතර ඇන්ඩි මරේගේ වැඩිමල් සොයුරු ජෙමී මරේ ද සිය සහයක කී‍්‍රඩක බ‍්‍රසීලයේ බෘනෝ සූසා සමග එක්ව මෙවර තරගාවලියේ යුගල තරග අංශයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සේන්දුවීමත් කැපී පෙනුණි. ඔවුන් හමුවේ ලකුණු 6-3 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත්වූයේ බි‍්‍රතාන්‍යයේ ඩොමිනික් ඉන්ග්ලෝට් සහ ස්වීඩනයේ රොබට් ලින්ඞ්ස්ටෙඞ්ට්ය. එහි තවත් විශේෂත්වයක් වන්නේ ජෙමී මරේ මිශ‍්‍ර යුගල තරග අංශයෙන් ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වීමය.

සිය සහායක කී‍්‍රඩිකා ස්ලෝවේකියාවේ කැතරිනා ස්රෙබොට්නික් හා එක්ව ලකුණු 6-4 ක් සහ 6-4 ක් ලෙස ජර්මනියේ ඇනා ලිනා සහ කොලොම්බියාවේ රොබට් ෆාරා පරාජය කරමින් ඔහු මේ විස්මිත හපන්කම කළේය.


අර්ධ අවසන් පූර්ව වටයේ පෙළ ගැස්ම

කාන්තා කේවල තරග අංශය

සෙරීනා විලියම්ස් (අමෙරිකාව) - මරියා ෂරපෝවා (රුසියාව)
ඇග්නීස්කා රඞ්වන්ස්කා (පෝලන්තය) - කාර්ලා සුආරිස් නවාරෝ (ස්පාඤ්ඤය)
ඇන්ජෙලිකා කර්බර් (ජර්මනිය) - වික්ටෝරියා ඇසරෙන්කා (බෙලරුසියාව)
ජොහානා කොන්ටා (බි‍්‍රතාන්‍යය) - ෂුයි ෂැං (චීනය)


පිරිමි කේවල තරග අංශය
නොවැක් ඩිජොකොවික් (සර්බියාව) - කී නිෂිකෝරි (ජපානය)
රොජර් ෆෙඩරර් (ස්විට්සර්ලන්තය) - තෝමස් බර්ඩිච් (චෙක් රාජ්‍යය)
ගිල්ස් මොන්ෆීල්ස් (ප‍්‍රංශය) - මිලොස් ර ඕනික් (කැනඩාව)
ඬේවිඞ් ෆෙරර් (ස්පාඤ්ඤය) - ඇන්ඩි මරේ (බි‍්‍රතාන්‍යය)

 


- 077

 


අදහස් (0)

මරේ සොහොයුරෝ බලාපොරොත්තු පොදිබඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.