Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මලාවි කණ්ඩායමට වාර්තාගත ජයක්

මලාවි කණ්ඩායමට වාර්තාගත ජයක්

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 6 වැනි ස්ථානයේ සිටින තමන්ට ශී‍්‍ර ලංකා කණ්ඩායම කිසිදු තර්ජනයක් නොවන බව මැනවින් ප‍්‍රදර්ශනය කළ මලාවි කී‍්‍රඩිකාවෝ සිඞ්නි නුවරදී පැවැත්වෙන ලෝක කුසලන දැල්පන්දු තරගාවලියේදී අද (8 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 101-18 කින් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කළහ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග 15 දී කණ්ඩායමක් විසින් රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් මලාවි කී‍්‍රඩිකාවෝ වසර 2003 දී නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ලෝක කුසලාන තරගයකදී ලකුණු 100 සීමාව ඉක්මවා ගිය පළමු කණ්ඩායම බවටද පත්වූහ.

මලාවි පිල වෙනුවෙන් මවායි කුම්වෙන්දා ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර තරගයේ පළමු කාර්තුව අවසානයේදී ලකුණු 23-3 ක් ලෙසින් මලාවි පිල පෙරමුණ ගත්තේය.

තරගයේ කාර්තු හතරේ ලකුණු සටහන් වූයේ 23/3, 29/3, 22/5 සහ 27/7 ක් ලෙසිනි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු විදීම් 28 කින් 18 ක් සාර්ථක කරගනිද්දී මලාවි කී‍්‍රඩිකාවෝ පන්දු විදීම් 111 කින් 108 ක් සාර්ථක කරගත්හ.

දෙවැනි කාර්තුවේදී මලාවි පිල වෙනුවෙන් ලකුණු ලබාගැනීමේ වගකීම ජේන් චිමල්රියෝ බාරගනිද්දී ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන්ගේ කී‍්‍රඩිකාවන් මාරු කරමින් තරගයේ පෙරමුණට ඒමට දැඩි උත්සාහයක් ගත්තේය. තුවාල ලැබීම් සඳහා පිරිනමන ලද කාලයේදීත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්ම කරන ලද අතර ආරක්‍ෂක කී‍්‍රඩිකාවන් වූ නිරෝෂනී පායිවා සහ විරාජි චමරිකා දෙදෙනාම පිටියෙන් ඉවතට ගියහ. ගයනි දිසානායක සහ දර්ශිකා අබේවික‍්‍රම ඔවුන්ගේ ස්ථාන වෙනුවෙන් ආදේශ කෙරිණ.

කී‍්‍රඩිකාවන් ආදේශ කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිල වඩාත් කඩිසරව තරගයට පිවිසි නමුත් මලාවි කී‍්‍රඩිකාවන් අභිබවා යාමට ඔව්හු අපොහොසත් වූහ. තරගයේ දෙවැනි කාර්තුව නිමා වන විට මලාවි පිල ලකුණු 52-6 කින් ඉදිරියෙන් සිටි අතර ශී‍්‍ර ලංකා පිලට එතැන් සිට නැවතත් තරගයට අවතීර්ණ වීම අපහසු විය.

තුන්වැනි කාර්තුවේදී මලාවි කී‍්‍රඩිකාවන් පාලනය කරගැනීමට තිළිණි වත්තෙගෙදර දැඩි උත්සාහයක නිරත වූ නමුත් සිවුවැනි කාර්තුවට පිවිසීමටත් පෙරම ලකුණු 74-11 කින් ඉදිරියෙන් සිටි මලාවි කී‍්‍රඩිකාවෝ ඉතා පහසුවෙන්ම තමන්ගේ පැරණි ලෝක කුසලාන තරග වාර්තාව අලූත් කළහ.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් හසිතා මෙන්ඩිස් (6/11), සේමිනි අල්විස් (7/8) සහ තිශාලා අල්ගම (5/9) ලකුණු ලබාගත්හ.

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මුහුණ දෙන ඊළග තරගය 10 වැනිදා (අගහරුවාදා) දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැත්වේ.

 

ඡායාරූපය - තරගාවලියේ නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි


අදහස් (0)

මලාවි කණ්ඩායමට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.