Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මවුලානා ට්‍රැවල්ස් පිලට පහසු ජයක්

මවුලානා ට්‍රැවල්ස් පිලට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 67-39 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 38-20 ක් ලෙස පෙරමුණගත් මවුලානා ට්‍රැවල්ස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 29 ක් එක්කරගත්හ. එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි.

කොළඹ ශාන්ත ජෝෂප් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 24 ක් රැස්කළ මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායමේ ලුමාල් සොයිසා සම්මාන දිනාගත්තේය.


‘සී’ කාණ්ඩය
■    මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායම විසින් ලකුණු 67-39 ක් ලෙස එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ලුමාල් සොයිසා (මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායම) - ලකුණු 24

 


අදහස් (0)

මවුලානා ට්‍රැවල්ස් පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.