Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මහමායා - ජෝශප් අඛණ්ඩව ශූරතා දිනති

මහමායා - ජෝශප් අඛණ්ඩව ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 45 වන වරටත් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතාවලිය පෙරේදා (10) සුගතදාස පිහිනුම් තටාකයේදී නිමාවට පත් වූයේ, ලකුණු 607 ක් ලැබූ ශාන්ත ජෝශප් විදුහලට පිරිමි සමස්ත ශූරතාව හිමිකර දෙමිනි. ලකුණු 527 ක් ලැබූ මහනුවර මහමායා විදුහල කාන්තා සමස්ත ශූරතාව දිනා ගත්තේය. 

දින 5 ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවති මෙම තරගාවලියේ ආරම්භක දිනයේ සිට පෙරමුණගත් මහනුවර මහාමායාවෝ, කොළඹ විශාකාවන්ට ඉතා තියුණු තරගයක් ලබා දුන්හ. මහමායාවන් නොකඩවා 20 වැනි වරටත් මෙම තරගාවලියේ ශූරතාව තමන් සතු කරගනිද්දී, ශාන්ත ජෝෂප් විදුහල මෙවර ශූරතාවයට හිමිකම් කීවේ අඛණ්ඩව 15 වැනි වරටය. පසුගිය වසරවලට වඩා මේ වසරේදී කොළඹ විශාකාවන් ඉදිරියෙන් පසූවූ අතර ඔවුන්ට මෙවර ශූරතාව මගහැරී ගියේ ලකුණු 4 කිනි. 

මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 41 ක් බිහිවූ අතර එයින් වාර්තා 9 ක්ම තමන් සතු කර ගැනීමට කොළඹ විශාකාවෝ සමත් වූහ. ආනන්ද විද්‍යාලය වාර්තා 7 කට හිමිකම් කියද්දී, ශාන්ත ජෝෂප් විද්‍යාල ක්‍රීඩකයෝ නව වාර්තා 3 ක් පිහිටවූහ. 

ආනන්ද විදුහලේ එම්.එම්. එක්නැලිගොඩ මෙවර සහභාගි වූ ඉසව් 3 න්ම නව තරග වාර්තා 3 ක් පිහිටුවීමට සමත් විය. තවමත් 8 වැනි වියේ පසුවන එක්නැලිගොඩ වයස 9 න් පහළ මීටර 50 පසුපස ආර තරග ඉසව්ව තත්පර 38.11 කින් අවසන් කරමින් එම ඉසව්වේ වාර්තාව තමන් සතු කරගත්තේය. මින් පෙර 2011 වසරේදී ශේවින්ද ද සිල්වා එම වාර්තාව පිහිටුවා තිබුණි. වයස 9 න් පහළ මිටර 200 කේවල මිශ්‍ර තරග ඉසව්ව විනාඩි 3:04.27 අවසන් කළ එක්නැලිගොඩ, මීටර 100 නිදහස් ආර තරග ඉසව්ව විනාඩි 1:15.23 කින් අවසන් කරමින් තවත් නව වාර්තා 2 ක් පිහිටුවීය. 

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ නභාෂි පෙරේරාද කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ඇය සහභාගී වූ ඉසව් 3  ම නව වාර්තා 3 ක්ද, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රිස් පවිත්‍ර නව තරග වාර්තා 3 ක්ද පිහිටවූහ. වයස 13 න් පහළ මීටර 100 ළය ආර ඉසව්ව විනාඩි 1:14.28 කින් අවසන් කළ ක්‍රිස් පවිත්‍ර මීටර 50 ළය ආර තරග ඉසව්වද තත්පර 34.00 කින් අවසන් කරමින් එම ඉසව්වල පැරණි වාර්තා අලුත් කළේය. 

මයිලෝ ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ ජය සංඛේත ප්‍රදානෝතසවය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ, ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ සභාපති තිලක් වත්තුහේවා යන මහත්වරු සහ පාසල්වල විදුහල්පතිවරු සහභාගි වූහ. 


සමස්ත ශූරතා සටහන

1. සමස්ත පිරිමි ශූරතාවය   - ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 607)
2. සමස්ත කාන්තා ශූරතාව  - මහනුවර මහාමායා විදුහල (ලකුණු 527)
3. සමස්ත ඒකාබද්ධ ශූරතාව  -  වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 388)
4. ජ්‍යෙෂ්ට කණ්ඩායම් පිරිමි ශූරතාව  -  ශාන්ත ජෝශප් විදුහල  (ලකුණු 411)
5. ජ්‍යෙෂ්ට කණ්ඩායම් කාන්තා ශූරතාව  - මහනුවර මහාමායා විදුහල (ලකුණු 426)
6. කණිෂ්ට කණ්ඩායම් පිරිමි ශූරතාව  -  ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 196)
7. කණිෂ්ට කණ්ඩායම්  කාන්තා ශූරතාව  - කොළඹ විශාකා විදුහල (ලකුණු 180)


කිමිදුම් ශූරතා
1. 13 න් පහළ කාන්තා  - කිත්මි මාරඹේ (බිශෝප් විදුහල) - ලකුණු 30
2. 13 න් පහළ පිරිමි  -  රුකිත් ඉලංගමුදලි (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) - ලකුණු 27
3. 15 න් පහළ කාන්තා  -  සෙනුරි වෙත්තසිංහ (ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය) - ලකුණු 27
4. 15 න් පහළ පිරිමි  - මතීෂ මාරඹේ (රාජකීය විදුහල) - ලකුණු 30
5. 17 න් පහළ කාන්තා  - ෂෙනුකි විජේසිරි (බිශෝප් විදුහල) - ලකුණු 30
6. 17 න් පහළ පිරිමි  - සචිල් නිලිපුල් (තර්ස්ටන් විදුහල) - ලකුණු 22
                        අභිෂේක් මීගල්ල (රාජකීය විදුහල)  - ලකුණු 22
7. 19 න් පහළ කාන්තා  - ෂෙනාලි හේරත් (සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල) - ලකුණු 30
8. 19 න් පහළ පිරිමි  -  දුලංජන් ප්‍රනාන්දු (රාජකීය විදුහල) - ලකුණු 30


කේවල පිහිනුම් ශූරතා
1. 9 න් පහළ කාන්තා  - පී. ආර් වැන්දනී ප්‍රනාන්දු (කලුතර බාලිකා විදුහල) - වාර්තා 2ක් සමග ලකුණු 40
2. 9 න් පහළ පිරිමි  -  එම්.එම් එක්නැලිගොඩ (ආනන්ද විදුහල) - වාර්තා 3ක් සමග ලකුණු 45
3. 11 න් පහළ කාන්තා  - නටාරා පෙරේරා (විශාකා විදුහල)  - ලකුණු 30
4. 11 න් පහළ පිරිමි  - දමිරු වික්‍රමතුංග (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) - වාර්තා 2ක් සමග ලකුණු 40
5. 13 න් පහළ කාන්තා  - නභාෂි පෙරේරා (සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල) - වාර්තා 3ක් සමග ලකුණු 45
6. 13 න් පහළ පිරිමි  - ක්‍රිස් පවිත්‍ර (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) - වාර්තා 3ක් සමග ලකුණු 45
7. 15 න් පහළ කාන්තා  - ගංගා සෙනවිරත්න (විශාකා විදුහල) - වාර්තා 2ක් සමග ලකුණු 40
8. 15 න් පහළ පිරිමි  - ලකිදු වීරසිංහ (රාජකීය විදුහල) - ලකුණු 30
9. 17 න් පහළ කාන්තා  - රමුදි සමරකෝන් (විශාකා විදුහල) - වාර්තා 2ක් සමග ලකුණු 40
10. 17 න් පහළ පිරිමි - සඳෙව් සේනාරත්න (ආනන්ද විදුහල) - එක් වාර්තාවක් සමග ලකුණු 35
11. 19 න් පහළ කාන්තා  -  අස්ක්වියා ඌසුප් (බි්‍රතාන්‍ය පාසල) - වාර්තා 2ක් සමග ලකුණු 40
12. 19 න් පහළ පිරිමි  - කේ.සී දල්පදාදු (ආනන්ද විදුහල) - එක් වාර්තාවක් සමග ලකුණු 35

ඡායාරූප - ඉෂාන් සංජීව

 

සමස්ත පිරිමි ශූරතාව දිනාගත් ශා. ජෝශප් විදුහල් කණ්ඩායම

 

සමස්ත කාන්තා ශූරතාව දිනාගත් මහනුවර මහමායා විදුහල් කණ්ඩායම


අදහස් (0)

මහමායා - ජෝශප් අඛණ්ඩව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.