Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා සංගම් වල බහුතරයක් යැයි පවසා ගන්නා ඔවුන් බහුතරයේ ප්‍රධානියා ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස වසර කිහිපයක්ම කටයුතු කළ බැවින් එකී කාලපරාසය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ ආදායම් හා වියදම් පිළිබඳව අවශ්‍ය ඕනෑම අවස්ථාවක විස්තර ලබාගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණු බව ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා කියයි. එකල ඒ වෙනුවෙන් කාලය වැය කිරීමේ හැකියාවක් නොතිබුණ උදවිය අද ජාතික ඔලිම්පික් කමිටුවේ සියලුම ක්‍රියා සම්බන්ධයෙන් තමන්ට ඇඟිල්ල දික්කරමින් උදම් අනමින් සිටින බවද ලංකාදීයට ලිපියක් එවමින් මහලේකම්වරයා කියා සිටී.
“ඔවුන් හට ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලනයට එරෙහිව විධිමත් පරීක්ෂණ පැවැත්වීමට අවැසියි. නමුත් පරිපාලනය පිළිබඳව නිවැරැදිව සොයාබලා කටයුතු කිරීමේ වගකීම පවරා තිබුණේත් ඔවුන්ටමයි” යයිද එම ලිපියේ සඳහන් වේ.
“එකී බහුතරයේ ප්‍රධානියා ජාතික ඔලිම්පික් කමිටුවේ සියලුම වවුචර පත් පරීක්ෂා කර අනුමත කරමින් අත්සන් කළ නමුත් ඒවා වර්තමානයේ වැරැදියි පවසන්නෙකි.... අදටත් ජාතික ඔලිම්පික් කමිටුවට පැමිණ ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්යාලයේ අසුන්ගෙන සිට, ජාතික ඔලිම්පික් කමිටුවට ගෙනෙන පුවත්වපත් වල ඔවුන්ගේ ලිපි පලවී ඇත්දැයි පරීක්ෂා කරමින්, ජාතික ඔලිම්පික් කමිටුවේම පරිගණකය හා අන්තර්ජාලය භාවිත කරමින් අවශ්‍ය පරිදි පෙත්සම් ටයිප් කර විවිධ පාර්ශවයන් අතර බෙදාහැරීමද ඔවුන්ගේ තවත් කාර්යයක් වී තිබේ”
“මෙම පුද්ගලයන් ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය, ආසියා, දකුණු ආසියා සහ අනෙකුත් ජාත්‍යන්තර රැස්වීම් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් බොහෝ ලෙස සහභාගී වී ඇත. ඔවුන් පවසන අන්දමට ඔවුන් එසේ ගොස් ඇත්තේ රට වෙනුවෙන් මහඟු සේවයක් කිරීමටය. මාත් (මහලේකම්වරයා) සභාපතිවරයාත් ගොස් ඇත්තේ රට සවාරිය” යයිද මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ලිපියේ වැඩිදුරටත් සටහන් වේ.
පරිපාලන සහ අනෙකුත් වියදම් හා ක්‍රියාකාරකම් සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් 140,000 (වර්තමානයේ) මුදලක් පමණි. අනෙකුත් සියලුම අධ්‍යාපනික දීමනා, ක්‍රීඩකයන්ට ලබාදෙන විශේෂ දීමනා, ජාත්‍යන්තර පුහුණු වැඩමුළු, සංගම්වල සංවර්ධනය සඳහා ලබාදෙන මුදල්, පුහුණුකරු පාඨමාලා ආදී සියලු කරුණු සඳහා මුදල් ලබාගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් වෙනමම වාර්තා ඉදිරිපත් කර මුදල් ලබාගත යුතුය.
එවැනි ක්‍රියාකාරකම් සඳහා යෝජනා එවීමට හෝ ඒවා නිරීක්ෂණය කිරීමට ‘බහුතර’ කණ්ඩායම යයි කියන පිරිසට කිසිවිටක වේලාවක් නොතිබුණත් වෙනත් සංගම් විසින් හෝ අප විසින් වාර්තා ඉදිරිපත් කිරීමෙන් මුදල් ජාතික ඔලිම්පික් කමිටුවට ලැබුණ පසු ඒවා බෙදාදීම පිළිබඳව නම් දහසකුත් එකක් ප්‍රශ්න ඇති වී තිබෙන බවත් මහලේකම් වරයා කියයි.
අද ජාතික ඔලිම්පික් කමිටුවේ පුටු බෙදාගැනීමට කුළල්කන මොවුන් 2008 වර්ෂයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් වෙනුවෙන් මුදල් සෙවීමටවත් ඉදිකිරීම් කටයුතු සඳහා උදවු ගැනීමේදී සොයාගැනීමටවත් සිටියේ නැති බවද මැක්ස්වෙල් ද සිල්වා මහතා කියයි.
“සභාපතිවරයාට පින්සිද්ධවන්නට මෙවන් ගොඩනැගිල්ලක් අපට ලැබුණා. ඒත් බහුතර කණ්ඩායමට එය සියලුම වැරැදි වලට ඇඟිල්ල දික්වන ස්ථානයක් වී ඇත” යයිද මැක්ස්වෙල් ද සිල්වා මහතා කියයි.
බහුතර කණ්ඩායම විසින් තමන් වෙත එල්ල කරන සියලුම චෝදනාවන්ට පිළිතුරු දෙන මැක්ස්වෙල් ද සිල්වා මහතා 2012 සිට 2016 දක්වා වාර්ෂික ගිණුම් වාර්තා මේ වනතෙක් ලබා නොදීම හා එම ගිණුම් කමිටුවේ විධායක සභාව හෝ නිලධාරී මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව 2017 අවසන් භාගයේදී විගණනය සඳහා බාරදීම සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කරයි.
“අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ දැනුම්වත් කිරීමට අනුව විධායක සභා රැස්වීම අපට 2013 අගභාගයේ සිට පැවැත්විය නොහැකිය. විධායක කමිටුව සභා රැස්වීමක් 2013 සිට 2017 වලංගු නොවුණ බැවින් වාර්ෂික ගිණුම් වාර්තා විධායක කමිටුවට ලබාදිය නොහැක. කෙසේ වෙතත් 2013 සැප්තැම්බර් 20 පැවැත්වූ විධායක සභා රැස්වීමේදී ඒ කාල පරාසවලට අදාළ ගිණුම් වාර්තා හා ක්‍රියාකාරී සැලසුම් වාර්තා ඉදිරිපත් කර ඇත.”
“2016 ජූනි මස 16 අවසන් වරට පවත්වා ඇති මූල්‍ය කමිටු රැස්වීමේදී ද එම කාලපරාස වලට අදාළ ගිණුම් වාර්තා මූල්‍ය කමිටුවට ඉදිරිපත් කර ඇත. ඉක්බිතිව පැවැති (2016 සැප්. 06 සිට 2017 අප්‍රේල් 04 දක්වා - රැස්වීම් 14ක්) කළමනාකාරී මණ්ඩල රැස්වීම් වලදී ගිණුම් කටයුතු, ක්‍රීඩා තරගාවලිය, ක්‍රියාකාරී සැලසුම්, අනෙකුත් සියලුම කටයුතු පිළිබඳ සාකච්ඡා කරන ලදී. ඊට අමතරව 2017 ජනවාරි 18 වැනිදා, 2017 අප්‍රේල් 7 වැනිදා සහ 2017 සැප්තැම්බර් 07 දින වලදී සංගම් නියෝජිතයන් සමග පවත්වන ලද රැස්වීම් වලදී ද ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව, ක්‍රීඩා තරගාවලිය, ක්‍රියාකාරී සැලසුම පිළිබඳ සියලු තොරතුරු සාකච්ඡා කර ඇත”
“බහුතර කණ්ඩායමේ බොහෝ සාමාජිකයන් මෙම රැස්වීම් සඳහාද සහභාගී වී ඇති අතර ඔවුන්ගේ නොදැනුවත් භාවය අරුම දනවන කරුණකි” යයිද එම කරුණු පැහැදිළි කිරීමේ සටහන් වේ.
ක්‍රීඩකයන්ගේ අනුකමිටුව සම්බන්ධයෙන් කරුණු දක්වන මහලේකම්වරයා 2008 වසරේ සිට 2016 වසර දක්වා ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගීත්වය සපිරූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා හට ඉහත කමිටුවට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අනුදැනුම මත ආරාධනා කළ බව කියයි. අතර ඒ සම්බන්ධ නිර්දේශවලට අනුව සහභාගීත්වය සැපිරූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සංගමය පිහිටුවා සභාපති සහ ලේකම් පත්කරන ලද බවත් එසේ පත්කරගත්තන් පිළිබඳවද අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කරන ලද බවත් ලේකම්වරයා කියයි.
“මාගේ පෞද්ගලික හිතුමනාපයට මාගේ සමීපතයින් කිසිලෙසකවත් පත් නොකළ බවද පවසනු කැමැත්තෙමි. මලල ක්‍රීඩකයන්ගේ කොමිසම පිළිබඳව හෝ කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ අතර එය 2017 නොවැම්බර් නව වන දින පැවැති මහ සභා රැස්වීමේදී අනුමත කරන විට කිසිවෙකුට ඒ පිළිබඳ කිසිවෙකුගේ විරෝධයක් නොදැක්වූ අතර මෙම ක්‍රීඩකයන්ගේ අනුකමිටුවටද මහා සභා රැස්වීමේදී ඡන්ද බලයක් හිමියැයි දැනගත් විගස සියල්ලන්ටම එය මහත් ප්‍රශ්නයක් වී ඇත”
“කෙසේ නමුත් මලල ක්‍රීඩකයන්ගේ කොමිසම පිළිබඳව වැඩිදුර උපදෙස් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට සහ ආසියානු ඔලිම්පික් කමිටුවට ලබාගැනීමට කටයුතු කළ අතර ඔවුන්ගේ උපදෙස් පරිදි ක්‍රීඩකයින්ගේ අනුකමිටුවෙහි කොන්දේසි හා නිර්දේශ පිළිබඳ ජනවාරි මස 4 වන දින පැවැත්වීමට නියමිත විශේෂ මහා සභාරැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්ු වෙමි” යයිද ලේකම්වරයාගේ ලිපියේ සඳහන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.