Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසිනව වැනි මහවැලි ක‍්‍රීඩා උළෙල මේ සති අන්තයේදී (12-13) ගල්නෑව මහවැලි ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙවර කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය හෙට (12 වැනිදා) පෙරවරු 8.30ට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරුමැද පළාතේ ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
කී‍්‍රඩා උළෙලේ ගිනිසිළුව දල්වා ගැනීම සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සෙනසුරාදා පෙරවරු 6.30 ට පමණ අවුකන පිළිමවහන්සේ අබියසට පැමිණීමට නියමිතය.
ගිනි සිළුව එතැන් සිට ගල්නෑව මහවැලි ක‍්‍රීඩාංගණය වෙත ගෙන එනු ලබයි.
තඹුත්තේගම ප‍්‍රදේශය අයත් එච්. කලාපය, දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශය අයත් සී කලාපය, වැලිකන්ද ප‍්‍රදේශය අයත් බී කලාපය, මැදිරිගිරිය ප‍්‍රදේශය අයත් ඞී. කලාපය, සම්පත්නුවර ප‍්‍රදේශය අයත් එල්. කලාපය, දිගන ප‍්‍රදේශය අයත් වික්ටෝරියා - කොත්මලේ කලාපය, ඇඹිලිපිටිය ප‍්‍රදේශය අයත් වලව කලාපය, මහඔය ප‍්‍රදේශය අයත් රඹකැන්ඔය කලාපය, බකමූණ ප‍්‍රදේශය අයත් මොරගහකන්ද කලාපය යන මහවැලි කලාපවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙම ක‍්‍රීඩා තරග සඳහා සහභාගි වීමට නියමිත බව මහවැලි එච්. කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්. කුමාර හේරත් මහතා පැවැසීය.
මහවැලි අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර දිසානායක, මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම කී‍්‍රඩා උළෙල සංවිධානය කෙරේ. සියලූම ජවන හා පිටියේ ක‍්‍රීඩා මෙම දෙදින තුළ පැවැත්වීමට නියමිතය.
මහවැලි මහිම නමින් අවසන් වරට ගල්නෑව මහවැලි ක‍්‍රීඩාංගණයේදී මෙවැනි ක‍්‍රීඩා උළෙලක් පවත්වා ඇත්තේ 2006 වසරේදීය. මහවැලි කලාප සියල්ලේම සහභාගිත්වයෙන් පැවැති මහවැලි ක‍්‍රීඩා උත්සවය මීට පෙර 2012 වර්ෂයේ වලව කලාපයේදී පැවැති බව මහවැලි එච්. කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු බී. එම්. සී. බණ්ඩාරනායක මහතා පැවැසීය.
ඉරිදා (13) පෙරවරුවෙදී කාන්තා හා පිරිමි පාපැදි තරගයක්ද පැවැත්වෙන අතර, ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් 600 ක සහභාගිත්වයෙන් අලංකාර සරඹ සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය.
සමාප්ති උත්සවය ඉරිදා පස්වරු 3.00ට ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.