Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මැජික් මිලියන් කුසලානට තුන්කොන් සටනක්

මැජික් මිලියන් කුසලානට තුන්කොන් සටනක්

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ තෙවැනි අදියර තරගාවලිය ලබන ඉරිදා (16 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මෙම තරගාවලිය ‘මැජික් මිලියන් කුසලාන’ තුරඟ තරගාවලිය ලෙස නම් කර තිබේ.

මෙහිදී මැජික් මිලියන් කුසලාන, ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශ කුසලාන, බ්ලැක්පූල් හෝටල් කුසලාන, ස්පෝටිං ස්ටාර් කුසලාන, ස්පෝටිං ටයිම්ස් කුසලාන, නුවර එළිය උත්සව සමය කුසලාන සහ පෝනි සුබසාධන ලොතරැයි කුසලාන යන කුසලාන 7 සඳහා තරග පැවැත්වේ.

එහිදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, අනුර දෙල්ගොඩ, ජේම්ස් මැතිව්, අනුක ද සූසා, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, නවීන් මාධව බණ්ඩාර, එම්. සුදාගර්, එස් ලෝගනාදන්, එස්. වී. මදියලගන් සහ හසීබ් මොහොමඞ් යන මහත්ම මහත්මීන් හිමිකාරත්වය දරන අශ්වයන් 40 ක් පමණ තරග වැදීමට නියමිතය.

මෙහි ප්‍රධානතම තරගය වන ‘මැජික් මිලියන් කුසලාන’ තරගය මීටර 1800 ක දුරකින් සමන්විත වන අතර එම තරගය ජය ගන්නා අශ්වයාගේ හිමිකරුට රුපියල් මිලියන 1.5 ක මුදල් ත්‍යාගයක් හිමිවේ. එම තරගය සඳහා අශ්වයන් 6 දෙනෙක් ඉදිරිපත් කර තිබේ. ඉන් තිදෙනකුගේම හිමිකාරිය වන්නේ දීප්තිකා ජයකොඩි මෙනවියයි.


ඒ. විෂ්වනාත් අසරුවා චාර්ලමේන් අශ්වයා මෙහෙයවමින්...

ඇල්කසබා, රොස්වල්ඞ්, සිල්වර් ස්ටී්‍රක් (හිමිකරු - දීප්තිකා ජයකොඩි), මෙහෙරාන් (හිමිකරු - ගාමිණී ජයරත්න), චාර්ලිමේන් (හිමිකරු - ජේම්ස් මැතිව්) සහ බි්‍රලියන්ට් කට් (හිමිකරු - අනුර දෙල්ගොඩ) එම තරගයේදී තරග වැදීමට නියමිත අශ්වයෝ වෙති.

ඒ අතුරන් දීප්තිකා ජයකොඩි මෙනවියගේ ඇල්කසබා, ගාමිණී ජයරත්න මහතාගේ මෙහෙරාන් සහ ජේම්ස් මැතිව් මහතාගේ චාර්ලිමේන් යන අශ්වයන් තිදෙනා අතර මැජික් මිලියන් කුසලාන දිනාගැනීම සඳහා ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය.

මෙවර තරගාවලිය අතුරතුර නුවර එළිය නගරය පුරා සිටින පෝනියන්ගේ සුබසාධනය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා ලොතරැයි දිනුම් ඇදීමක් සිදු කිරීමටද තුරඟ තරග සමාජය සූදානමින් සිටියි. තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍යංශ සුජීව සේනසිංහ මහතා සහභාගි වීමට නියමිතය.

මෙම තරග මාලාවේ පළමු තරගාවලිය (නිදහස් දින තුරඟ තරගාවලිය) පෙබරවාරි මස 25 වෙනිදාද, දෙවැනි තරගාවලිය (සෙල්වරත්නම් අභියෝග කුසලාන තරගාවලිය) මේ මස 2 වැනිදාද නිමාවට පත් විය. තරගාවලියේ මීලඟ අදියර මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර එය ‘ආණ්ඩුකාර කුසලාන’ තරගාවලිය ලෙස නම් කර තිබේ.

තුරඟ තරග සමාජය වෙනුවෙන් මෙම තරග මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප්‍රවීණයකු වන වේන් වුඞ් මහතා විසිනි. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරන අතර පණ්ඩුක කීර්තිනන්ද මහතා එම සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 

(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (0)

මැජික් මිලියන් කුසලානට තුන්කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.