Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ පාපැදි සවාරියේ 16 වැනි අදියර ජය ගැනීමට ඕස්ටේ්‍රලියාවේ මයිකල් මැතිව්ස් සමත් විය. කිලෝ මීටර් 165 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ ලේ පොඑන් වෙලායි නරගයෙන් ආරම්භ වී රොමැන්ස් සුර් අයිසර් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා මැතිව්ස්ට ගත වූ කාලය පැය 3 යි විනාඩි 38 යි තත්ත්පර 15 කි.
මැතිව්ස් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ නෝර්වේහි එඞ්වඞ් බූවාසන් 16 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ජර්මනියේ ජෝන් ඩෙගෙන්කොල්බ් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. බෙල්ජියමේ ග්‍රේග් වැන්-ඇවර්මේට් සහ ප්‍රංශයේ ක්‍රිස්ටෝෆ් ලේපෝට් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.
තරගයේ 16 වැනි අදියර ජයගැනීමට මැතිව්ස් සමත් වුවද, මුල් අදියර 15 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල ඔහුට හිමිව ඇත්තේ සමස්ත තරගයේ 58 වැනි ස්ථානයයි.
අදියර 16 ක් අවසන් වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට සිටින මහ බි්‍රතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත්ව සිටින අතර ඒ සඳහා ඔහුට ගතවී ඇති මුලු කාලය පැය 68.18:36 කි. ෆෝම්ට වඩා තත්ත්පර 18 ක් පසුපසින් සිටින ඉතාලියේ ෆැබියෝ අරූ සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ෆෝම්ට වඩා තත්ත්පර 23 ක් පසුපසින් සිටින ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.
පාපැදි සවාරියේ 17 වැනි අදියර අද (19 වැනිදා) ලේ මූරේ නරගයෙන් ආරම්භ වී සේරී චෙවේලියර් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 183 කි.
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 68.18:36
2 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 68.18:54
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 68.18:59
4 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 68.19:05
5 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 68.19:53
6 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 68.20:38
7 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 68.20:39
8 ලුවිස් මේයින්ට්ජෙස් (දකුණු අප්‍රිකාව) - පැය 68.24:36
9 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඤ්ඤය) - පැය 68.24:41
10 නයිරෝ කුයින්ටානා (කොලෙම්බියාව) - පැය 68.24:52
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.