Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීගොඩදී පෙරේදා (4 වැනිදා) පැවැති කිලෝමීටර 140ක නිදහස් සමරු රේසින් පාපැදි තරගයේ ජය ප්‍රවීණ පාපැදි ශූරයෙකු වන අවිශ්ක මැඩොන්සාට හිමිවිය. තරගකරුවෝ 129 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගය ඉන් 55 දෙනෙකු නිමාවට පත් කළ අතර දිනුම් කණුව කරා දෙවැනි තරගකරුට වඩා තත්ත්පර 10කට කලින් ළඟාවූ ජයග්‍රාහී මැඩොන්සාගේ තරග නිමි කාලය පැය 2 විනාඩි 53 තත්ත්පර 57ක් ලෙස සටහන් විය.
මෙම වසරේදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙහෙයවූ පළමු ශ්‍රේණිගත රේසින් පාපැදි සවාරිය මෙය වූ අතර ඊට සහභාගි වූ දකුණු ආසියාවේ වේගවත්ම පාපැදි ධාවකයා ලෙස සැලකෙන ජීවන් ජයසිංහ තරග අවසන් භාගය දක්වා මුල් තරගකරුවන්ගේ පොකුරේ පැමිණියත් ඔහුගේ පාපැදියේ අසුන කැඩීයාම නිසා ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය හා සහයෝගයෙන් පැවති මෙම පාපැදි සවාරියේ ජයග්‍රාහී මැඩොන්සාට රුපියල් 75000ක ත්‍යාගයක් ප්රදානය කෙරිණි.
දෙවනි, තෙවැනි හා සිව්වැනි ස්ථාන සඳහා රුපියල් 50000, 40000, 30000ක් පරිදිද එතැන්
සිට 30 වැනි ස්ථානය දක්වා රුපියල් 5000ක් වන තෙක් තවත් මුදල් ත්‍යාග රැසක් මෙම පාපැදි තරගයේදී ප්රදානය කෙරුණි.
පළමු තැන ගත් මැඩොන්සා වයස 23න් පහළ කාණ්ඩයේ ජාතික ශූරයා වන අතර නොබෝදා අනුරාධපුරයේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩල ආසියානු ක්‍රීඩා උළෙල තේරීමේ තරගයේ වේගවත්ම ක්‍රීඩකයා බවටද පත් විය.
මීගොඩ පාපැදි (රේසින්) සවාරියෝ (කිලෝමීටර් 140) ජයග්‍රාහකයෝ.
1 අවිෂ්ක මැඩොන්සා (නාවික හමුදාව - පැය 2 විනාඩි 53 තත්ත්පර 57)
2 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව - 2.54.10)
3 ප්‍රගීත් සිල්වා (ගුවන් හමුදාව - 2.54.14)
4 දේව් නුගේරා (ගුවන් හමුදාව)
5 අසේන් තාරුක (ගුවන් හමුදාව)
6 ලක්ෂ්මන් විජේරත්න (යුද හමුදාව)
7 සී.එම්. විරාජ් (වරාය අධිකාරිය)
8 චාමික සඳුන්කුමාර (වරාය අධිකාරිය)
9 නිෂාන්ත පෙරේරා (දෙහිවල - ගල්කිස්ස)
10 සම්පත් වීරසිංහ (යුද හමුදාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.