Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මුල් අදියරේ ජයග‍්‍රාහකයා අශේන්

මුල් අදියරේ ජයග‍්‍රාහකයා අශේන්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කරන 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ අෂේන් තාරුක සමත් විය.

නාවික හමුදාවේ කි‍්‍රෂාන් මධුසංඛ පළමු අදියරේ දෙවැනි ස්ථානයද, යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න තෙවැනි ස්ථානයද හිමිකරගත්හ. පළමු පොකුරේ පැමිණි කී‍්‍රඩකයන් 8 දෙනාම පැය 4.02:58 කින් තරගය නිමා කිරීම මෙහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.

තරගය නිමා කළ පළමු කී‍්‍රඩකයන් 10 අතරින් ති‍්‍රවිධ හමුදාවන්ට අයත් නොවන එකම තරගකරුවා වූයේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව නියෝජනය කළ නිෂාන්ත පෙරේරායි. ඔහු සිව්වැනියා ලෙස තරගය අවසන් කළේය.

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනූ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහට හිමිවූවේ පළමු අදියරේ 17 වැනි ස්ථානයයි. දෙවැනි පොකුරේ පැමිණි ඔහු පැය 4.03:34 කාලයක් වාර්තා කරමින් 17 වැනියා ලෙස පළමු අදියර නිමා කිරීම වැඩිදෙනාගේ විමතියට හේතුවක් විය.   

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් අද (25 වැනිදා) පෙරවරු 8.30 ට ආරම්භ වූ තරගයේ ඇඹිලිපිටිය දක්වා කිලෝ මීටර් 178 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව පළමු අදියර අවසන් විය.

කොළඹ සිට රත්නපුර, ගොඩකාවෙල හරහා ඇඹිලිපිටියට පැමිණි පසු තරගකරුවන්ට නවාතැන් දීමට ඒ අවට ගුවන් හමුදා කඳවුරක් නොමැති බැවින් අදියර අවසානයේ සියලූම තරගකරුවන් වීරවිල ගුවන් හමුදා කඳවුරට කැඳවාගෙන යෑමට සංවිධායකයෝ පියවර ගත්හ.  

කොළඹ සිට වීරවිල දක්වා පළමු අදියර දිගු කළහොත් එහිදී තරගකරුවන්ට ගමන්කිරීමට සිදුවන දුර ප‍්‍රමාණය වැඩි වන බැවින් එම අදියර ඇඹිලිපිටියෙන් අවසන් කිරීමට ඔවුහු කටුයතු යොදා තිබිණ.

කළුඅග්ගල ලෙෂර් වර්ල්ඞ් අසලින් ආරම්භ වූ පළමු ස්ප‍්‍රින්ට් කඩඉම ජයගැනීමට යුද හමුදාවේ කිවිසුරු කරුණාරත්න සමත් වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් යුද හමුදාවේ චතුරංග සොයිසා සහ ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් විසින් දිනා ගන්නා ලදහ.  

රත්නපුර අබාන්ස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වූ දෙවැනි ස්ප‍්‍රින්ට් කඩඉමේ ජයගැනීමට  යුද හමුදාවේ චතුරංග සොයිසා සමත් වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් නාවික හමුදාවේ සුරේෂ් ප‍්‍රසංග සහ ගුවන් හමුදාවේ අශේන් තාරුක විසින් දිනා ගන්නා ලදහ.  

අබාන්ස් ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියට ති‍්‍රවිධ හමුදාව, පොලිසිය සහ ක‍්‍රිඩා සමාජ රැසක් නියෝජනය කරමින් තරගකරුවෝ 100 කට අධික පිරිසක් සහභාගි වෙති.

දෙවැනි අදියර හෙට (26 වැනිදා) පැවැත්වෙන අතර එහිදී තරගකරුවන්ට වීරවිල සිට කොග්ගල දක්වා කිලෝ මීටර් 131 ක් ගමන් කිරීමට සිදුවේ. අනිද්දා (27 වැනිදා) පැවැත්වෙන තෙවැනි අදියරේදී කොග්ගල සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා  කිලෝ මීටර් 133 ක් ගමන් කිරීමෙන් පසුව තරගය අවසන් වේ.

පළමු අදියරේ ප‍්‍රතිඵල

1 අෂේන් චාරුක (ගුවන් හමුදාව) - පැය 4.02:57

2 ලක්ෂ්මන් විජේරත්න (යුද හමුදාව) - පැය 4.02:57

3 නිෂාන්ත පෙරේරා (දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව) - පැය 4.02:57

4 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව) - පැය 4.02:57

5 තුෂාන් රාජපක්ෂ (යුද හමුදාව) - පැය 4.02:57

6 අවිෂ්ක මැඩොන්සා (යුද හමුදාව) - පැය 4.02:57

7 ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව) - පැය 4.02:57

8 කි‍්‍රෂාන් මධුසංක (නාවික හමුදාව) - පැය 4.02:57

9 සුරේෂ් ප‍්‍රසංග (නාවික හමුදාව) - පැය 4.03:34

10 ජානක හේමන්ත කුමාර (නාවික හමුදාව) - පැය 4.03:34

 

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ විශේෂ අවස්ථා...

 


අදහස් (0)

මුල් අදියරේ ජයග‍්‍රාහකයා අශේන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.