Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ළය පෙදෙසේ මාංශ පේශීයක ඇතිවූ දරුණු වේදනාව නිසා මරියා ෂරපෝවා සමග පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට මිනිත්තු කිහිපයට පෙර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්වූ අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සිය වේදනාව ට්විටර් වෙබ් අඩවියට මුදා හරිමින් නිකුත් කළ නිවේදනය පැරිස් නුවර ක්‍රීඩා ලෝලීන්ගෙත්, ලොව පුරා සෙරීනා ලෝලීන්ගෙත් හදවත් වේදනාවෙන් පුරවා දැමුවේය.
සිය වැඩිමහල් සොහොයුරිය වන වීනස් සමග පෙරේදා තමා යුගල තරගයට ක්‍රීඩා කළේ ද සෑහෙන දුරකට ටේප් අලවාගෙන බව කියන සෙරීනා ඊයේ රාත්‍රි තරගයට එක්වීමට නොලැබීම ගැන ක්‍රීඩාලෝලීන්ට කනගාටුව ප්‍රකාශ කරන්නීය.
“මේ වේදනාව උහුලන්න අමාරුයි...මං කියන්නේ මාංශපේශී වේදනාව නෙවෙයි. තරගාවලියෙන් ඉවත් වෙන්න සිදුවුණු එක ගැන”
“මරියා එක්ක සෙල්ලම් කරන්න මං කොයිතරම් ආසාවෙන් ද හිටියේ. ඇය එක්ක සෙල්ලම් කරන්න මං කොහොමත් කැමතියි. ඒක නිතරම මාව ඇහැරවන ආකාරයේ තරගයක්. මට එරෙහිව ක්‍රීඩා කරන අනිත් අයගෙන් මරියා තමයි වඩාත්ම තරගකාරී ක්‍රීඩිකාව” යයි මීට පෙර 18 වතාවක්ම ෂරපෝවා පරාජයට පත් කර ඇති සෙරීනා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කළාය.
“කොහොමටත් මං පුහුණුකරුටයි, මගේ කාර්ය මණ්ඩලයටයි පොරොන්දු වෙලයි හිටියේ.... ඒ වගේම මටත්. මම 50% ක් වත් ශාරීරිකව සූදානම් නැත්නම් සෙල්ලම් කරන්නෙ නෑ කියලා.
“මම මීට කලින් ඉතිහාසයේ ඇති තරම්ම ආබාධවලට ලක්වෙලා තියෙනවා. ඒත් මේ වගේ ආබාධයක් නම් මගේ ඒ ලැයිස්තුවේ තිබ්බෙ නෑ. ඒ තරම වේදනාකාරීයි.”
“මම හැම තිස්සෙම කියනවා වගේ පැරිස් පිටියට එන්න ගොඩාක් දේවල් අතහැරියා. පරිත්‍යාග කළා. පුහුණුවීම් නිසා මගේ දුව මඟ හැරුණු වෙලාවල් ගොඩාක් තිබුණා. පැය ගණණාවක් තිස්සේ එයාගේ අඩුව දැනි දැනී මම පුහුණුවිම් කළා.... අපේ හින ජීවමානව තියාගන්න නම් අපිට යම් යම් පරිත්‍යාග කරන්න වෙනවා කියලා මම දැනගෙන හිටියා” යයිද සෙරීනා කියා සිටියාය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.