Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මොහොමඩ් අලී රෝහලේ

මොහොමඩ් අලී රෝහලේ

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක බොක්සිං ඉතිහාසයේ අද්වීතීය ශූරයා වන මොහොමඩ් අලී ස්වසන ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර සිටී. අලීගේ තත්ත්වය බරපතළ නොවන නමුත් තවත් දින කිහිපයක් රෝහලේ ගතකිරීමට සිදුවිය හැකි බවත් පවුලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

1960 රෝම ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම දිනාගනිමින් බොක්සිං ලෝකයේ වීරයා වූ මොහොමඞ් අලී මේ වන විට 74 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු වසර 30 කට වැඩි කාලයක් පාකින්සන් රෝගයෙන් පීඩා විඳින්නෙකි.
 
ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ ෆීනික්ස්හි පදිංචිව සිටින මොහොමඞ් අලී පසුගිය වසර කිහිපයේදීම සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම නිසා ප‍්‍රතිකාර ලැබීය. වසර 2014 දෙසැම්බර් මාසයේදී නිවුමෝනියාව හේතුවෙන් ඔහු රෝහල් ගතකරන ලදි. එහෙත් වෛද්‍යවරුන් විසින් පසුව සොයාගන්නා ලද්සේ ඔහුගේ මුත‍්‍ර මාර්ගයේ ආසාදනයක් ඇති බවයි. ඒ සඳහා ඔහු 2015 ජනවාරි මාසය දක්වා රෝහලේ ප‍්‍රතිකාර ලැබීය.

ලෝකයේ ඉතාමත් ප‍්‍රසිද්ධ පුද්ගලයකු වුවද මොහොමඞ් අලී මෑත කාලයේදී මහජන අවධානයෙන් ඈත්වී සිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.

”විශිෂ්ටයා” යනුවෙන් ලෝකය පුරා හඳුන්වනු ලබන මොහොමඞ් අලී 1981 දී බොක්සිං කී‍්‍රඩාවෙන් සමුගත්තේ ජයග‍්‍රහණ 56-5 ක වාර්තාවක් තබාගනිමිනි.

 


අදහස් (0)

මොහොමඩ් අලී රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.