Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මොහොමඩ් රිම්සාන්ගෙන් නව වාර්තාවක්

මොහොමඩ් රිම්සාන්ගෙන් නව වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අජ්වඞ් හෂීම් අනුස්මරණ ‘සික්ස් රෙඞ් ස්නූකර්’ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී නව තරග වාර්තාවක් පිහිටුවීමට තරුණ ක්‍රිස්තියානි කටයුතු සංගමයේ මොහොමඞ් රිම්සාන් සමත් විය. ඒ බොරැල්ල තරුණ ක්‍රිස්තියානි සංගමයේ පී. වීරසිංහට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 67 ක් ලබාගනිමිනි. එම තරගයෙන් ඔහුට වට 2-0ක ජයක් හිමිවිය.  

ක්‍රීඩකයන් 134 දෙනෙකු සහභාගී වූ මෙම තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (02) ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේ බිලියඞ් සංකීර්ණයේ සහ කොළඹ කිව් කැෆේහිදී පැවැත්විණ.

අද (02) පැවැති සෙසු අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමට එම්.එස්.එම්. රෂීඞ් (8-පූල් පාලර් ක්‍රීඩා සමාජය), අනුරුද්ධ හික්ගොඩ (ඔටර්ස් ක්‍රීඩා සමාජය), සහීල් උල් රහමන් (මුස්ලිම් ඉස්ලාමීය ක්‍රීඩා සමාජය), ආශීක් හුසේන් (මුවර්ස් ක්‍රීඩා සමාජය), එම්.එෆ්.එම්. ෆාසීල් (ද කියු ක්‍රීඩා සමාජය), එම්.ඩී.ආර්.ජයසිංහ (බෑන්ඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය) සහ ටි.එචි.එමි ෆාර්ෂාඞ් (මුවර්ස් ක්‍රීඩා සමාජය) යන ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 4 වැනිදාද, අවසන් මහ තරගය 7 වැනිදාද පැවැත්වීමට නියමිතය.


අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩකයෝ

■    එච්.ඒ.එම්. රිම්සාන් (තරුණ ක්‍රිස්තියානි සංගමය) විසින් තරග වට 2-0 ක් ලෙස පී. වීරසිංහ (බොරැල්ල තරුණ ක්‍රිස්තියානි සංගමය) පරාජය කරන ලදී.
■    එම්. එස්. එම් රෂීඞ් (8-පූල් පාලර් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 2-1 ක් ලෙස සුසන්ත බොතේජු (සී.එන්ඞ්ල්ස් ක්‍රීඩා සමාජය) පාරාජය කරන ලදී.  
■    අනුරුද්ධ හික්ගොඩ (ඔටර්ස් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 2-1 ක් ලෙස බී.වී. ගමගේ (ශ්‍රී ලංකා පොලිස්) පරාජය කරන ලදී.
■    සහීල් උල් රහමන් (මුස්ලිම් ඉස්ලාමීය ක්‍රීඩා සමාජය) විසින් තරග වට 2-0 ක් ලෙස එස්.එම්. සහර්වදී (මුවර්ස් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදී.
■    ආශීක් හුසේන් (මුවර්ස් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 2-0 ක් ලෙස ආර්.එම්.පී. රත්නායක (ශ්‍රී ලංකා යුද හමුදා) පරාජය කරන ලදී.
■    එම්.එෆ්.එම්. ෆාසීල් (ද කියු ක්‍රීඩා සමාජය) විසින් තරග වට 2-1 ක් ලෙස සුසන්ත වික්‍රම (ශ්‍රී ලංකා යුද හමුදා) පරාජය කරන ලදී.
■    එම්.ඩී.ආර්.ජයසිංහ (බෑන්ඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 2-1 ක් ලෙස එස්.එස්. කුමාරප්පෙරුම (ශ්‍රී ලංකා යුද හමුදා) පරාජය කරන ලදී.
■    ටි.එචි.එමි ෆාර්ෂාඞ් (මුවර්ස් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 2-0 ක් ලෙස ටි. තාන්ජි (බී.ආර්.සී) පරාජය කරන ලදී.


- 092

 


අදහස් (0)

මොහොමඩ් රිම්සාන්ගෙන් නව වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.