Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට යසිත ද සිල්වා සමත් වෙද්දී, ද්විත්ව ශූරතා හිමිකර ගැනීමට රුක්ෂිකා විජේසූරිය සමත් වූවාය. එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සංවිධානය කළ මෙම තරගාවලිය එස්. එස්. සී. ක්‍රීඩා සමාජ ටෙනිස් පිටියේදී ඊයේ (21 වැනිදා) නිමාවට පත්විය.
පිරිමි කේවල ඉසව්වේදී තරග වට 2-0 ක් ලෙස හීරා ආෂික් පරාජය කළ යසිත ද සිල්වා, පිරිමි යුගල ඉසව්වේදී සංඛ අතුකෝරල සමග එක්ව රුක්මාල් කුරේ සහ එන්. එස්. නිෂේන්ද්‍රන් පරාජය කළේ තරග වට 2-0 ක් ලෙසිනි. ඉන් නොනැවතුන ඔහු හිටපු ජාතික ශූරියක වන අම්රිතා මුත්තයියා සමග එක්ව මිශ්‍ර යුගල ඉසව්වේදී තරග වට 2-0 ක් ලෙස සංඛ අතුකෝරල සහ සෙනුරි ඇලෙක්සැන්ඩර් පරාජය කරමින් ත්‍රිත්ව ශූරතාවට හිමිකම් කීවේය.
කාන්තා කේවල ඉසව්වේදී තරග වට 2-0 ක් ලෙස රොෂෙන්කා ප්‍රනාන්දු පරාජය කළ රුක්ෂිකා විජේසූරිය, කේවල ඉසව්වේදී තමන්ගේ ප්‍රතිවාදිනිය වූ රොෂෙන්කා සමගම එක්ව කාන්තා යුගල ඉසව්ව ජයගත්තේ තරග වට 2-0 ක් ලෙස නිම්නා ප්‍රනාන්දු සහ ජනාලි මනම්පේරි පරාජය කරමිනි.
පිරිමි කේවල අවසන් පූර්ව වටයේදී තියුණු තරගයකින් අනතුරුව තරග වට 2-1 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරමින් හීරා අෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. යසිත ද සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී මුෆාසල් හුසේන්ට එරෙහිව තරග වට 2-0 ක් ලෙස පහසු ජයක් අත්කර ගනිමිනි.
කාන්තා කේවල අවසන් අවසන් පූර්ව වටයේ තරග වලදී වට තරග 2-0 ක් ලෙස සෙනුරි ඇලෙක්සැන්ඩර් පරාජය කරමින් රුක්ෂිකා විජේසූරියද, තරග වට 2-0 ක් ලෙස නිම්නා ප්‍රනාන්දු පරාජය කරමින් රොෂෙන්කා ප්‍රනාන්දුද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
අවසන් වටයේ තරග ප්‍රතිඵල
පිරිමි කේවල
යසිත ද සිල්වා විසින් තරග වට 2-0 ක් ලෙස හීරා අෂික් පරාජය කරන ලදි. (6/4, 7/5)
කාන්තා කේවල
රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස රොෂෙන්කා ප්‍රනාන්දු පරාජය කරන ලදි. (6/4, 6/3)
පිරිමි යුගල
යසිත ද සිල්වා සහ සංඛ අතුකෝරල විසින් තරග වට 2-0 ක් ලෙස රුක්මාල් කුරේ සහ එන්. එස්. නිෂේන්ද්‍රන් පරාජය කරන ලදහ. (6/3, 6/3)
කාන්තා යුගල
රොෂෙන්කා ප්‍රනාන්දු සහ රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස නිම්නා ප්‍රනාන්දු සහ ජනාලි මනම්පේරි පරාජය කරන ලදහ. (6/0, 6/2)
මිශ්‍ර යුගල
යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා විසින් තරග වට 2-0 ක් ලෙස සංඛ අතුකෝරල සහ සෙනුරි ඇලෙක්සැන්ඩර් පරාජය කරන ලදහ. (6/2, 6/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.