Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආධුනික බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිනාගන්නා ලදි. මාස් හෝල්ඩිංග්ස් ආයතනය කාන්තා අංශයේ වැඩි ගෞරව දිනාගත්තේය.
පිරිමි තරග වලදී ශ්‍රී ලංකා යුද හමුදාව පිරිමි අංශයේ රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් 8 ක් දිනාගත් අතර මාස් කී‍්‍රඩා සමාජය කාන්තා අංශයේ රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 4 ක් දිනාගත්තේය.
යුද හමුදාව නියෝජනය කරමින් කී‍්‍රඩා සමාජ 3 ක් තරග කළ අතර මාස් හෝල්ඩිංග්ස් ආයතනය නියෝජනය කරමින් කි‍්‍රඩා සමාජ කිහිපයක්ම තරග කළේය.
මාස් වෙල්ටර් (කි. ග‍්‍රෑ. 69) බර පංතියෙන් තරග වැදුණ කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජයේ ඞී. ඒ. ගුණසේකර තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, බැන්ටම් (කි. ග‍්‍රෑ. 54) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදාවේ මධුමාලි හේරත් දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
ලයිට් (කි. ග‍්‍රෑ. 60) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ සඳකැළුම් අධිකාරි දක්ෂතම පරාජිතයා බවට පත්වූ අතර බැන්ටම් (කි. ග‍්‍රෑ. 54) බර පංතියෙන් තරග වැදුණ මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ තරිඳු දසුනිකා තරගාවලියේ දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියට කී‍්‍රඩා සමාජ රැසක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 200 කට අධික පිරිසක් සහභාගී වූහ. තරගාවලිය පසුගිය සිකුරාදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අවසන් විය.
හිටපු ජාතික බොක්සිං ශූරයකු මෙන්ම ජාත්‍යන්තර පදක්කම් ලාභියකු වන ඩබ්ලිව්. අර්. එම්. වින්සන් මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පැමිණියේය.
පිිරිමි තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
ජී. එස්. නුවන් (යුද හමුදා ‘රතු’ කණ්ඩායම) විසින් ටී. එස්. මැද්දෙදෙනිය (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
එච්. වී. රූපසිංහ (ගුවන් හමුදාව) විසින් එම්. එල්. කළුආරච්චි (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
එන් අමරවංශ (මාස් ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් එම්. එස්. කුමාර (යුද හමුදා ‘රතු’ කණ්ඩායම) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ආර්. ජී. රත්නායක (යුද හමුදා ‘රතු’ කණ්ඩායම) විසින් පී. එස් සිරිවර්ධන (යුද හමුදා ‘රතු’ කණ්ඩායම) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
එම්. ඒ. බණ්ඩාර (යුද හමුදාව) විසින් එස්. බී. රාජකරුණා (යුද හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඞී. එස්. ගුණසේකර (මාස් කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජය) විසින් වයි. කේ. අතුකෝරල (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
එස්. ඩබ්ලිව්. වෛද්‍යරත්න (යුද හමුදා ‘රතු’ කණ්ඩායම) විසින් ඒ. එල්. අමරසිංහ (යුද හමුදා ‘රතු’ කණ්ඩායම) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
කේ. එස්. මධුරසිංහ (යුද හමුදාව) විසින් ඒ. ආර්. සඳකැළුම් (යුද හමුදා ‘ඒ’ කණ්ඩායම) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
එම්. එම්. මීගස්තැන්න (ගුවන් හමුදාව) විසින් ඒ. ජී. රත්නායක (යුද හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 92) බර පංතිය
සී. අර්. සිල්වා (යුද හමුදාව) විසින් එච්. එස්. සම්පත් (යුද හමුදාව) පරාජය කරන ලදි.
කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
එම්. ඞී. සජානි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ජී. එම්. දිල්ෂානි (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
අයි. ටී. පෙරේරා (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් බී. ඊ. නිමේෂිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
ඞී. එම්. හේරත් (ගුවන් හමුදාව) විසින් එම්. ටී. ධනුෂිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
අයි. එම්. ද සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. අයි. රණතුංග (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ජී. කේ. ලාලනී (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් පී. එන්. ජයවීර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
එස්. ඞී. පෙරේරා (මාස් තුරුලි කී‍්‍රඩා සමාජය) විසින් එම්. එල්. සමරතුංග (මාස් තුරුලි කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඒ. පී. පේ‍්‍රමසිංරි (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එන්. කේ. චන්ද්‍රරත්න (පොලිසිය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
එල්. ටී. විජේරත්න (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඒ. ඞී. විජේරත්න (නාවික හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
එම්. එම්. ජයරත්න (නාවික හමුදාව) විසින් එස්. පී. ජයසිංහ (පොලිසිය) පරාජය කරන ලදි.
දක්ෂතම ක්‍රීඩකයා - ඞී. ඒ. ගුණසේකර සහ දක්ෂතම පරාජිතයා - සඳකැළුම් අධිකාරි
දක්ෂතම ක්‍රීඩිකාව - මධුමාලි හේරත් සහ දක්ෂතම පරාජිකාව - තරිඳු දසුනිකා
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.