Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner රන්සිළුගෙන් නව ආසියානු වාර්තාවක්

රන්සිළුගෙන් නව ආසියානු වාර්තාවක්

ශනුක අරවින්ද - 2017 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේදී පැවැති ආසියානු (ඉහළ ශ්‍රේණියේ) සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 3 ක් දිනාගනිමින් නව ආසියානු වාර්තාවක්ද පිහිටුවීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක අද (9 වැනිදා) සමත් විය. එහිදී ප්‍රබල ඉන්දීය, ඉරාන, කසකස්තාන සහ එක්සත් ආරබි එමීර් ක්‍රීඩකයන් පරාජය කරමින් ඔහු එම ජයග්‍රහණ අත්කර ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.

කිලෝ ග්‍රෑම් 120 බර පංතිය නියෝජනය කරමින් තරගාවලියට එක්වූ රන්සිළු, ‘ස්කොට්’ ක්‍රමයට කිලෝ ග්‍රෑම් 285 ක්ද, ‘ඩෙඞ් ලිෆ්ටි’ ක්‍රමයට කිලෝ ග්‍රෑම් 315.5 ක්ද ඔසවමින් රන් පදක්කම් 2 ක් දිනාගත් අතර සමස්ත තරගයේදී කිලෝ ග්‍රෑම් 735 ක් ඔසවමින් එම බර පංතියේ සමස්ත රන් පදක්කමද දිනාගත්තේය.

එහිදී ඔහු ‘ඩෙඞ් ලිෆ්ටි’ ක්‍රමයට එසවූ කිලෝ ග්‍රෑම් 315.5, කිලෝ ග්‍රෑම් 120 බර පංතියේ ආසියානු වාර්තාව බවට පත්වූ අතර එය ඔහුගේම වාර්තාව අලුත් කිරීමක් විය. බයිලොරුසියාවේදී පැවැති ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී ඔහු මින් පෙර පැවැති ආසියානු වාර්තාව පිහිටුවා තිබිණ.

 

-036

 


අදහස් (1)

රන්සිළුගෙන් නව ආසියානු වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.